සුරා ගුරුන්නාසේගේ කතාවක්
අපේ ගුරුන්නාසේ ගැන දැන් කට්ටිය ටිකක් දන්නවනේ. මුන්දැට තිබුණා හරි අපූරු නමක් කවියක් වගේ. සුරසෙනගේ සුරා සුරසෙන. මනුස්සයා ඉස්කෝලේ නොගියට කණ අත්සන හෙම තිබ්බෙ නැහැ ඕං. හරි අපූරුවට ඔය අකුරු ටික ගලපනවා. හීනෙන් බයවුන එකාටයි බඩේ රුදාව හැදුන එකාටයි දෙහි ගෙඩිය මතුරල සුව කරන්ට දන්නවා. වත්තේ තියෙන ගම්මිරිස් වැල පොළොවේ යාං වෙන්ට නොදී ගහක අරිනවා. පොල් පුවක්වලින් ආදායං ගන්නවා. නඟරෙට ගියාම තියෙන හැම තැනෙකින්ම අවශ්‍ය වැඩක් කරගන්ට තේරෙනවා. පාරේ අයිනෙන් යන්ට එන්ට දන්නවා. මිනිහා නොමිනිහා අඳුර ගන්ට ඉව තියෙනවා. කාගෙවත් හිත තැලෙන්ට කට අරින්නේ නැහැ. ඊට වැඩිය මොනවද රටේ ජීවත්වෙන්ට ඕන කරන්නේ.
ඒත් සමහරු හිටියා මෙයාගේ අහිංසකකම අමනකමක් කියලා හිතපු කපටියො. එහෙම එක්කෙනෙක් හිටියා සුරා ගුරුන්නාසෙගේ වත්තට උඩින් වත්තේ. මිනිහගේ වත්ත අක්කර නවය හමාරක්. කරාඹු, පොල්, පුවක් පිරිලා. ආදායම් එමටයි. මෙයා කල්පනා කළේම අර පහළින් තියෙන සුරා ගුරුන්නාසෙගේ අක්කර දෙක මෙයාගේ කෑල්ලට පූට්ටු කරගන්නේ කොහොමද කියලා.
       දවසක් ගුරුන්නාන්සෙ මායියයි, දරුවොයි එක්ක වත්තට ගියා. වැටිලා තිබ්බ  පොල් ගෙඩි ලෙළි ගහලා; හනස්ස මටුල්ල එකතු කරගෙන; දර මිටි බැඳලා; ඒවත් එක්ක ඒ අයව පිටත් කළා ගෙදර. පුරුදු විදිහට බුලත් විටක් හපලා ඇන තියන් වාඩිවෙලා හිටියා ඈත කඳු යාය දිහා බලාන.
  
මෙහෙම තනි පංගලමේ ගුරුන්නාන්සේව අල්ලගන්ට බලං හිටිය අර අල්ලපු වත්තේ ගොයියා හිමිං හිමිං ගුරුන්නාංසේ ළගට කිට්ටු කරා. කයියට වැටුනා. දැන් දැන් මේ ඉඩ කඩංවල ආදායං සරු නැති විත්තිය සුරා ගුරුන්නාන්සේට ඇඟවෙන විදිහට කතා කළා.
මෙහෙම තනි පංගලමේ ගුරුන්නාන්සේව අල්ලගන්ට බලං හිටිය අර අල්ලපු වත්තේ ගොයියා හිමිං හිමිං ගුරුන්නාංසේ ළගට කිට්ටු කරා. කයියට වැටුනා. දැන් දැන් මේ ඉඩ කඩංවල ආදායං සරු නැති විත්තිය සුරා ගුරුන්නාන්සේට ඇඟවෙන විදිහට කතා කළා.
‘ඇත්ත තමා දැං ආදායං අඩුයි’
සුරා ගුරුන්නාන්සේත් මේක පිළිගත්තා.
දැන් හොදම වේලාව වත්ත කාට හරි විකුනංට කියලා වචනේ දාන්ට. එතකොට මේක මුන්දැ ගන්ට කියන්නේ මටමයි. එහෙම හිතපු මිනිහා මෙහෙම කිව්වා.
‘ඈ බං සුරා, නරකද මේ ඉඩංවලින් වෙන ආදායමක් එන අළුත් කිරමයක් විදිහක් කල්පනා කොරානං’
‘අළුත් කිරමයක්. ඒ කොහොමද මහත්තයෝ’ 
සුරා ගුරුන්නාන්සේ එහෙම ඇහුවේ අළුත් කිරම නොදන්නාකමටමයි.
සුරා ගුරුන්නාන්සේ එහෙම ඇහුවේ අළුත් කිරම නොදන්නාකමටමයි.
      ‘ඒ කිව්වේ, නරකද; මේ ඉඩං කෑල්ල විකුණලා සල්ලි ටික බැංකුවේ දැම්මනං. ඒ එන පොළියං මීට වැඩිය ආදායං ගන්ට පුළුවං.’
       සුරා ගුරුන්නාන්සේට තේරුනා බොලව් මේකා එන්නේ මගේ ඉඩං කෑල්ලට විදින්ට කියලා. ඒ වුනාට මෙයාට බැනලා මිනිහෙක්ව තරහා කොරගෙන කොහොමද කියලත් හිතුවා. ඒ හින්දා අළුත් ක්‍රමේ  ගැන ගුරුන්නාංසේ දුන්නේ එක උත්තරයයි. ඒක අහපු උඩහ වත්තේ මිනිහා හිමි හිමින්ම කන්ද උඩට නැංගා. සුරා ගුරුන්නාන්සේ කිව්වේ මේන්න මේ ටික.
‘ඈ මහත්තයො. අදහසනං හොදයි. හැබැයි................., එතකොට මගේ ගෑණිටයි, ළමයින්ටයි................ හනස්සක්, මටුල්ලක් අහුලගන්ටත් බැංකුවට යන්ට වෙයි නේද?
 
 
 
3 comments:
ඔය තියෙන්නේ එළටම...
හැමෝටම පිළිතුරක්. ඔබේ අදහස් මට රටක් වටිනවා. හැමදාම මාත් එක්ක ඉන්න. ස්තුතියි.
niyamai.........:))))
Post a Comment