Showing posts with label අළුත් කතා. Show all posts
Showing posts with label අළුත් කතා. Show all posts

Wednesday, April 27, 2011

අහක යන සරුපයි

ආයිබොවංට කාලෙකිං සුරාලගේ ගේ දිහාවේ සිද්ද වෙච්චි කතංදරයක් අමුනංට බැරි උනා හැබෑමයි. දැං උන්දලව මතකත් නැතිව ඇති නේද උඔලට. මෙදා කියංනේ ලොක්කගේ කතාවක් ඔංන. ලොක්ක කොහොම එකෙක්ද වග අමතකනං කියවපල්ලා මේකයි, ඊට පස්සෙං පහු මේකයි. දැං දංනව නෙව ලොක්ක ගැන සහසුද්දෙංම.

බොලව් ලොක්කගෙ අඹුව වෙච්චි කාංති කෙල්ල ගැන මේ වෙද්දිං ගංතුලානෙ කයි කතංදර ඕසෙට. ඒ කයි කතංදරේ කොයි එකක වුනත් බේකරියෙ මුදලාලිත් කොනක වෙංට ගැවීලා හරි උංනා. ආයෙ ඉතිං අමුතුවෙං ඒවා කියංට ඕනයෑ උඹල වගෙ අං ගිලපු එවුංට. ලොක්කා නැති අල්ලපනල්ලේ මුදලාලි කඩුල්ල පනිනවා කිව්වොත් පැහැදිලියි නෙව.  මේ කොයි කතාවත් ඉතිං අමරයා, පද්මෙට හෙම බෝම වටන කියන නිමිති වෙච්චි.

ඔංන බොලල්ලා මේ කියන දවස්වල තමයි රේඩියෝ බාස් මිය පරලොව ගියෙ. (ආ... බොලා දැනගංනවනං රේඩියො බාසුත් එක විදියක එකෙක්. උංදෑ ගැනත් අපූරු කයිකතංදර ගෝනියක් විතර තියෙනවා. මේ  අංතර් ජංජාලෙට බිල් ගෙවන කෙරුවාව මඩියට ඔරොත්තු දෙන තත්වෙක දිගටම තිවුනෝතිං හිට ඒවත් පස්සෙං පසු කියංනංකො. (රේඩියො බාස්ගෙ මිනිහටම වෙං වෙච්චි සමහර පරිබෝජන වස්තු තිවුනා. ඉං එකක් තමයි උංදෑ ඇදපු දිගත් නැති කොටත් නැති, දණිය වැහෙංට ඇදපු ‘මං එනකං යං කලිසං’ තාලේ කොට කලිසම.  මුලු පැත්ත පලාතෙම මෙහෙව් ඇදුමක් ඇංද එකම එක නාකි උංදෑ රේඩියො බාස්ම විතරයි. ඉතිං ගමේ උං මේ තාලේ කලිසං කොටවලට කිව්වේ ‘රේබා කලිසං’ කියලා හිටං ඕං. ‘රේබා’ කී‍වේ රේඩියෝ බාස් කියන එකේ මුල් අකුරු අරං හිටං කොට කොරලනෙ ආයිබොවං.) ඒ වුනාට බොලාලට කියංට දැංනං මේ ගංවලත් රේබා කලිසං කාරයෝ ඕසෙට. ඒ විතරක් යෑ, මේ බවලත් උදවියත් අදිනවා බොලව්. උං ඒවට කියංනේ ‘තිරි කුවාටර’ ද මොකක්දො ඕං. මටනං ආයිබොවං ඔය තිරි කුවාටරකාරයෙ ඇහැ ගැටුනොත් සුරුස් කියද්දිං මතක් වෙංනෙ රේබා කලිසං ඕං.)

දැං ඒවයිං කාරි නෑ කියංට ආව කතාව කියල ඉංනංකො. ඉතිං ඔංන රේඩියො බාස්ගෙ මුර්ත කලබරෙට තනි රකිංට රාත්තිරියට ගමේ උං යනව විතරක් යෑ බූරු ගහනවා, ඕබි ගහනවා, රට බීම බෝතල් හිස් කොරනව, විට හපනවා, තව අවලං කතා කියනව. ඔය වගේ අමුතුම රාත්තිරි ටිකක් ගමේ ගෙවිල යනවා ඕං. මොකාගේ වුනත් මුර්ත කලෙබරේ වලපල්ලේ දානකං ගමේ ඕම තමයි ආයිබොවං. හිතුමනාපෙට කංට බොංටත් තිව්නා. ඒක සමහර කොල්ලො කුරුට්ටොංට හරියට පෝසන සතියක් වගේ.

මෙහෙව් රාත්තිරියක ඉතිං ඔය කීව ලොක්කත්  අර අමරෙ පත්මෙ උංගෙ තලේට වෙලා අවලං කතා අහං  විරිත්ත විරිත්ත ඉංනව. කතා කිව්වට මොකද මෙවුං කොරව්වේ උං තලේ ඉංන එකෙක්වම ඔලොක්කුවට අරං මඩවන එක. දැං ඉතිං මුංගේ කතාවලට ඉඩ දීලා මහ රාත්තිරියත් ගෙවිලා හිටං හෝරාවක් විතර ගෙවිලා. දැං ඉතිං මුංගෙ සූජානම ලොක්කව මඩවංට. මේ මහ රාත්තිරියේ කාංති කෙල්ල තනි කරලා හිටං ලොක්ක රේඩියෝ බාස්ලයෙ දිහාවෙ. ඉතිං කාංති තනිපංගලමෙ ගෙදර ඉංන එකයි ඒක හිංදම වෙංට පුලුවං කියලා අනුමානෙට හිතෙන දේවල් ගැන තමයි දැං මෙතන ඊළගට කතාවෙංට ගත්තෙ. ලොක්ක ඉතිං මේවා තේරුං ගංන එකෙක්යෑ. එක අතකට ලොක්කව මඩවංටමත් නෙවේ බොලව්, ලොක්කට මේව ගැන ඉඟි කොරලා හිටං සිද්දවෙන අපවාදෙං ගැලවෙන විදිහක් කල්පනා කොරංට ලොක්කව පොළඹවංටත් එක්කයි දැං නඩේ උං වෑයං කොරංනේ. ඒ කියංනේ ලොක්කට පරච්ඥාව දෙංට. එහෙව් සමාජ අවබෝදෙ ඇතිකරන දේවලුත් මෙහෙව් තැංවලදී සිද්ද වෙනවා අයිබොවං. ඒකට සුජානං වෙංටත් එක්කං, ඉතිං එක එක විදිහේ උපහැරන කතා හෙම කියවලා අමරෙ කියන එකා ලොක්කට කියව්වා,

‘හැබෑට ලොක්කා දැං දෙගොඩහ ජාමෙත් පහුවෙලා, අර පාලු පැලේ කාංති නඟා තනියෙං නෙව. උඹ නැති අල්ලපනල්ලෙ අහක යන සරුපයි ගෙට ගොඩ වෙංටත් බැරි නෑ නෙව; නරකද දැං උඹ ගියෝතිං.’

එක අතකට ලොක්කට මුං තලේ විරිත්ත විරිත්ත ඉංන එක අලි විනෝදයක් වෙච්චි එකේ ඒක නැති කොර ගංට ලොක්ක කැමති වුනෙත් නෑ. ඒ හංදා ලොක්කා බොක්කෙ තිබ්බ දේ සබාවෙ මැද කියපි. ඒක ඇහුනම අමරයට රෙද්දෙ රෙවුන වගෙ දැනුන. මෙංන මේමයි ලොක්ක කිව්වේ: හරියට වක්කඩෙං වතුර ගලංනැහෙ,

‘හ්ම්, සරුපයි රිංගංට මයෙ ගෙට......... ඒව කොහෙද......මුදලාලි එක්කං. මං නැති වුනාට, උන්දෑ  ඒව බලාගනී’

Wednesday, March 2, 2011

මද්දුවාගේ කුකුල් කේංතියේ හැටි

මතකද සුරා ගුරුංනාංසෙගෙ දෙවනි කොල්ලා මද්දුවා. උංගෙ අම්මගේ ගමෙංම මේකත් ගෙනාවා කියහල්ලකෝ ගෑනියක්. ඒ කියංනෙ කැතිගානාකදුරෙංම. උගෙ අයියංඩි ඒ කිව්වෙ ලොක්කා කාංතිව ගෙනාවෙත් ඒ ගමෙංමයි. දැං ඉතිං බාල කොලුවත් ඒ කිව්වෙ බාලෙත් උස්සං එයිද දංනෙ නෑ ඒ ගමෙංම එකියක්. ඒවා පස්සෙ බලමුකො. ඉතිං මේ මද්දුව කුකුල් කේංති කාරයා. ඉස්සර මේක ලොක්කත් එක්ක තිවුණ ආරෝව සුරා විසදව්ව හැටි මතකයි නෙව.  ඒත් මේකා මේ හොදට ඉංනවා, මේ තදවෙනවා.මේ තදවෙනවා, ආයෙ හොදයි.

කැතිගානාකදුරෙ පොඩි එතනගෙ දෝණියැන්දෑ මාලා. මේකා ඉතිං මුගෙ අම්මයේ, ඒ කියංනෙ ලමසගෙ මහ ගේ දිහාවේ, වත්ත පිටියට ගියෑයිං පස්සෙං පහු, ඇයි හොදයි කං පාපු එකියක් තමයි මාලා. හැමදාම දකින කුකුළයේ කරමලේත් සුදුයිලු නෙව. පුංචි සංදියේ හිටංම ඇස්සර ගැටිලා, සෑහෙන කාලයක් දැන ඇදිනිංකං තිවුණ හංදා, මේකට ඉතිං එක වහලක් යටට ආවත් මාලගේ වැඩි වෙනසක් දැණුනේ නෑ ඕං. ඒ හංදාම පොඩි පහේ ආරෝවල් හෙමත් ඇත්වෙච්චි. මොකෑ මද්දුවත් කුකුල් කේංති කාරයා නෙව. ඒකටම හරියංට මේ ගං පළාත්වල ආයිබොවං ඒ සංදියේ  ගෑණු, ගොළුබෙල්ලා කට්ට ඇතුළට රිංගංනහේ පොඩ්ඩ ඇත්තං ඒකිලාගෙ අම්මයෙ තුරුලට යංටම තමයි බලව්වේ. (ඒ සංදියේ බොලල්ලා, දැං ගෑණූ ‍ඒ අතිං හොදයි) ඒ හංදම ඇබිත්තං ආරෝවත් ලොකුවට අරං, කෙහෙවැලෙං අඹරලා හිටං හොම්බට දෙකක් මිනිහට කියලා ඇණ ගංන තැනට වැඩ සිද්ද කොරවා ගංනවා. ඉතිං මද්දුවාට කියලත් මේ යෝදී මාසෙකට හමාරකට සැරයක්වත් මේ ආසාව ඉස්ට කොරා ගත්තා. සුරා ගුරුංනාංසෙයි ලමසයි එක්කම, මහ ගේ ම තමයි මෙවුනුත් උංනෙ. ඉතිං මේ හඹේ සුරා ගොයියටත් ඇහුනා.

ඒ කාලේ නං මේ වගේ පුරස්නවලට සුරා බෝම අගේ ඇති උත්තර දුංනා නෙව. ඒත් මේ හඹේට හොට දාංට සුරා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ ලමසත් ඉතිං මේවයෙ වගක් ගත්තේ නෑ කියමුකෝ. ඒ උංදැයේ හැටි නෙව. අනික් අතට පොඩි සංදියේ ඉදංම මද්දුවා කුකුල් කේංති කාරයා වග ‍උංදැලත් දංනව. මේ නහුතෙට නගිනවා. ඩිංගෙං හොදයි. මේ හොදයි, ආයෙත් තහුතෙට නගිනවා. ඉතිං මේකගේ මැද්දට පැනල කොයි වළට යංට වෙයිද කවුද දංනෙ. ඊට මීට වැඩිය හොදයි නෙව කරබාං ඉංන එක.

ඔංන ඔය අතරෙ ඉතිං මාලා කැංදං ඇවිල්ලා හිටං පෝය හදවල් දෙක තුනක් ගතවුනාම මේකි ගැබ්බරත් වෙච්චි. දැං නං ඉතිං මාලට ආපහු කැතිගානාකදුරේ අම්මලාගේ දිහාවේ යංට තදිංම දොළදුක. කීප සැරයක්ම එහෙ යංට මද්දුවාට කිව්වත්; ‍ඒක උගේ මේ කණෙං රිංගලා අනික් කණෙං එළියට ගියා ඌටත් නොදැනීම.

ඉතිං මේ හංදාම මාලා, කොහොමිං හරි ලැවැංනක් අරං මද්දුවාට කියලා හොම්බට දෙකක් අන්නවා ගත්තා. ඒ කොරලා හිටං ඇදුං කඩමාලු ටිකයි, බඩගෙඩියයි උස්සං යංට ගියපි කැතිගානාකදුරේ. 

ඒ කොරලා හිටං, පොඩි එතනට; කදුළු පෙරාගෙන, එක දෙක කොරලා හිටං කියපි,

‘අපෙ අම්මා මද්දු හරියකට මාව බලංනේ නෑ. ඒ හංදා මං ගෙදර ආවා

කියලා හිටං.  පොඩි එතනත් ඉතිං වැලේ ගෙඩි වැලට බර නෑ කියලා හිටං මේකි තියං ඉංන බඩ ගෙඩිය ගැනවත් නොහිතා ඒකිව තියා ගත්තා කියමුකො.

ඕං ඉතිං දැං මද්දු තනියෙං රාත්තිරිය ගෙවනවා. හිතේ ජවෙං රාත්තිරියත් ගෙවුනා. දැං මුගේ කේංතිය අහවරයි. ඊට පස්සෙ රාත්තිරියේ නින්දක් නෑ මද්දුවට. ඇහැ ඇරුන හැටියෙම අත ගෑවෙංනෙ පැදුර. ඉතිං දෙවනි රාත්තිරියෙත් පැදුරෙ පලුවක්ම හිස්.  මුගෙ පපුව හෝස් ගානව; ඒ හිස් පළුව අත ගෑවුනම. ඉතිං මද්දු තීරණේ කොරා පහුවදා මාලා එක්කහු කොරාන එංට උදැහැනැක්කෙම කැතිගානාකදුරේ යංට. මොකෑ ගංටාරේ වදිද්දිවත් ගෙයිං පිටත් වෙංට ඕනේ කලු අප්පුගෙ අත්තමට යංට. මේ වැඩේ හංදා මාලත් කැටුං අවුදිං අත්තමට යංට වෙංනෙ හෝරාවක්වත් සුනංගු වෙලාම තමයි.
 
ඉතිං පහුවදා උදහැනැක්කෙම  මද්දු මාලගෙ ගෙදෙට්ට ගොඩ වෙච්චි. වෙනදටත් මාලා රොස් වෙලා හිටං කැතිගානාකදුරෙ ගියාම මද්දු කොරංනේ මේ විදිහම තමයි. හැබැයි වෙනදනං වේලකට නැංදම්මගෙ බතුත් කාල හිටං තමයි මාලවත් කැටුං ගෙදර එංනෙ.


මාලටත් බෝම සතුටුයි  මද්දු දැක්කම. ඉතිං මද්දුට නොපෙනෙංට වාං වෙලා අම්මට කිව්ව මද්දු ආපු වග. පොඩි එතනටත් සතුටුයි මද්දු ආව එකට.  ගෙදර උංදෑ බඩදරු උනාම සුවාමියත් එක්ක ඉංන එක නෙව වටිංනෙ. ඉතිං මද්දුත් මේකම තමා හිත හිතා උංනෙ. ඔය අතරේ පොඩි එතන මද්දු ඈදී ගෙන උංනු පිල්කඩ ළගට ආවා. අවුදිං හිටං බඩ දරු ගෑණියෙකුට සුවාමියා සලකන පිළිවෙල මද්දුට කියලා දෙංට තමයි හරි බරි ගැහුනේ.

ඒ අල්ල පනල්ලේ මද්දු කියනවා,

‘නැංදංමා මාලට එංට කියාපල්ලකො. මං මේ උදැහැනැක්කෙම ආවෙ මට අත්තමකට යංට තියෙනවා. ඒ හංදා වැඩි වෙලා හිටිංට විදිහක් නෑ.’

කියල. දැං මද්දුවාට අර පරණ සිද්ද වෙච්චි දේවල් ඔක්කම අමතකයි. ඒ උගෙ හැටිනේ.

ඒ උනාට මොකො මොන හදිස්සිය තිවුනා වුනත් පොඩි එතනට ඒව ඒම අමතක කොරලා හිටං මාලව පිටමං කොරංට බැහැ නෙව. මුං ඉංට ඕන පිළිවෙල කියල දීලා යවංටත් එපෑයෑ. හෙට අනිද්දට දරු මල්ලෝ එක්කං ජීවත් වෙංට ඉංන උං නෙව. ඒක හංදාම මද්දුට මාලා කැටුං යංට දෙංට කලියෙං පොඩි එතන මේ විදිහට කිව්ව.

‘ඈ මද්දු උඹත් එක්කං දීග ගියෑයිං පස්සෙං පහු මාලා ඔය කී පාරටද ආපිට ආවේ.’

මද්දුවට මේවයෙ වගක් තියෙන එකෙක් ඈ. ඒ හිංදා කියනවා.

‘ඒ ගැන ආයේ මොනවට කියනවද නැංදංමා. මාලාට එංට කියංට. මට සුනංගු වෙනවා.’

‘එහෙම කොහොමද, උඹ දංනවද මාලා පෙරේදා ගෙට ගොඩ වෙද්දිං මොනවද කියාන ආවේ කියලා හිටං, ඒ හංදා ඒකිව ඒම ඔනෑ විදිහට කැටුං යංට දෙංට බෑ.’

කියලා පොඩි එතන බෝම සැරෙං ඒ ගමන කිව්වා. මද්දුවත් කුකුල් කේංති කාරය නෙව. එහෙං අත්තමට යංට සුනංගු වෙනවා මෙතන වාද කොරව්වොත්. එහෙං නැංදංමා වුනත් ගෑණුංගෙං බැණුං අහංට. ඉතිං දැං මද්දුවගෙත් හීමාව පනිනවා පොඩි එතනගෙ මේ වැඩ හිංදා. මද්දුවත් ඇබිංදක් සුවරෙ වැඩි කොරලා ඇහුවා,

‘හා හොදයි කියාපං නැංදංමා, මොනවද මාලා කියං ආවේ උඹලට.’

උංදැත් හයියෙංම කියපි


‘කියං ආවෙද? උඹ ඒකිව හරියකට බලං නෑල්ලූ.

දැං මද්දුට හීමාව පැංනා. දැං මූට මතක් වෙංනෙ කුණු හංබ. ඒ ගමන මූ ඇස් දෙකත් ලොකු කොරලා, කට හීංකොරලා,  පොඩි එතනගේ ළගට බෙල්ල දික් කොරලා හිටං,

‘මට බලංට පුලුවං විදියට තමයි ඔය බලලා තියෙංනෙ. මං බලාපු හැටියට ඔය වෙලා තියන දේ මදෑ. උඹත් ඒනං.............. ඕකිගෙ ඇදුං ටික ගලවලා හිටං හොද.............ට බලා ගංනිං.’

ඒම කියලා මද්දුවා කලු අප්පුගේ අත්තමට ගියා.

Tuesday, February 1, 2011

ආලෙං මත්වුන බාලේ

වයසට නොගැලපෙන උංගේ ආස්සරේට වැටිලා අමාරුවේ වැටුන සුරාගේ බාල කොල්ල‍ ගැන මතකයි නෙව. අමතකනං තද කොරහල්ලා මෙතන.  ඉතිං මේ බාලේ  දැං ඉලංදාරියා වේගෙන එනවා. මේ ඉළංදාරි වයසට සමහර උං කීවේ “කොල්ලා බල්ල වෙන කාලේ” කියලයි ඕං. මේ කාලෙට ඉතිං කියංට තරමේ අසනීපයක් ඇති එකෙක් නෙවේනං හෙම, කොයි එකාගෙත් හිත්වල ආලවංතකං ලියලනවා. මෙහෙව් ඉළංදාරි ගොං ඉතිං පොල් පැල දිහාවට හැරෙංට ගංනවා නෙව.   ඕං ඉතිං දැං බාලෙටත් ගැහුව මදන විසේ. එ‍්ම කීවාම කාටත් තේරුං ගංට පාසුයි‍ නෙව.  වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැතිවම බාලේ, “හිත ගිය තැන මාළිගාව” කියලා හිටං තෝරා ගත්ත කියමුකො එගොඩ ගමෙං ඉස්කෝලෙට ආව කෙල්ලක්ව. ඒකිගෙ නම ලලිතා. දැං ඉතිං බාලේ මේ දැරිවිට පේංට ඉගි බිගි පානවා. ආලවට්ටං දානවා, මේ විදිහට ලීලේ පාංට ගත්තා තමංගෙ හිතේ තියෙන ලෙංගතුකම ඒ දැරිවිට පෙංනංට. ඒත් බොලව් මේ දැරිවි ඒම පාසුවෙං නම්ම ගංට පුළුවං එකියක් නෙවේ ඕං. බාලේ සෙනේ පානකොට මේ දැරිවි පෙනේ පාංට ගංනවා, ගස්සනවා, රවනවා, ඒ විතරක් යැ බණිංටත් ගත්තා. 


ඉතිං මේ දැරිවිගේ හිතේ තිව්ණේ කොහොමිං කොහොම හරි විභාග පාස් කොරලා හිටං අම්මා අප්පටත් නම්බුවක් වෙන විදිහේ රස්සාවක් හොයා ගංට විනා පරස්තාවම නෙවේ ඕං. දැං ඉතිං ඉස්කෝලෙයි, දෙවැටෙයි කංදෙයි, ලංදෙයි හැම තැනම ඉදං මේ දැරිවිගෙ හිත ගංට බාලේ කොරන විකාර මේකිට දැං වදයක් වෙච්චි. ඒ විතරක් යෑ ඉස්කෝලේ මේකි යන එන හැම තැනම මේකා වහං වෙවී යංට ගත්තා බොලව්. මුංගේ ඉස්කොලේ වැසිකිලිය තිව්නෙ ඈත ලංදක් දිහාවට වෙංට. ලලිතා දොට්ට පිළට ගියත් මූ ලංදෙ වහං වෙලා අහලිංම ඉදලා තියෙනවා නෙව හැබෑටම. සමහර දවස්වල කාටත් හොරෙං හවහට ආයෙත් ඉස්කෝලෙට අවුදිං ලලිතගෙ පුටුවේ වාඩි වෙලා ඉංනවා.

එක අතකිං ඉගනීම කඩාකප්පල්වෙනව. ඒ මදිවට මේකි බාලෙට වැඩි මනාපෙකුත් නෑ. අනික් අතට ලොකු ඉස්කෝලෙ මහත්තයට මේවා ආරංචි උනොත් හෙම ඉස්කෝලෙමුත් දොට්ට දානවා සිකුරුයි. මීට කලියෙං එහෙම දේවල් ලොකු ඉස්කොලෙ මහත්තැං කොරලා තියනවලු ඉස්සර උංන තැංවලදී.

ඒ හංදා ලලිතගේ හිතේ වැඩියෙංම බය තිව්නේ ඉස්කෝලෙං දොට්ට දායි කියල කීවොත් වරදක්ම නෑ. දැං ලලිතට ඕනෙ බාලෙගෙ කරදරෙං  ගැලවෙංට. ඒ හංද මේකි මේ පලහිලව්ව ඉස්කොලේ හාමිනේ කෙනෙකුට කියපි. නිකං නෙවේ අඬ අඬා.

‘අනේ ඉස්කොලේ හාමිනේ මේ කරදරේ හංදා මාව ලොකු ඉස්කෝලේ මහත්තයා ඉස්කොලෙමුත් දොට්ටදාවි’

කියලා හිටං අඬංට ගත්තා. ලලිතත් ඉතිං ඉස්කෝලේ හොද දැරිවියක්. ඉගන ගංටත් මනාපයි. ඒ හංදා ඉස්කෝලෙ හාමිනෙත් ලලිතට මනාපයි.

ඉතිං ඉස්කොලෙ හාමිනේ දැං මේක ලොකු ඉස්කොලෙ මහත්තැංගෙ කණේ නොවැටෙන විදිහට විසදංටයි ලක ලෑස්තිය. මොකෑ මේවා නියපොත්තෙං කඩලා දැම්මාම ලේසියි. පොරවෙං කොටංට තියා ගංනවට වඩා. දැං ඉතිං මේ උංදෑ බාලෙයි, ලලිතයි  ගෙංන ගත්තා ඉස්කෝලේ කවුරුවත් නැති ඉසව්වකට. බාලෙට ඉතිං සිද්ද වෙංට යන දේ හිතා ගංට පුළුවං වෙච්චි. බාලෙට දැං ලලිතා ගැන තරහත් එක්කලා. දැං ඉස්කෝලේ හාමිනේ නඩුව විසදනවා, දකුණු අතේ තඩි පොල්ලකුත් තියෙනවා. ලලිතා බයවෙලා ඉංනෙ ඉස්කොලෙං දොට්ට දායි කියලා නෙව. ඉස්කෝලේ හාමිනේ බාලෙගෙං අහනවා;

‘මේ ලලිතා උඹේ නොසංඩාල වැඩවලට බයවෙලා ඉංනෙ ඇයි කියලා උඹ දංනවද බූරුවා.’

කියලා හිටං. මූ අර සමාජ ආස්සරෙං උත්තර දෙන එකා නෙව.  මූට මතක් වුනේ එහෙම එකක්. බාලේ බෝම ගරු සරුව කියනවා,

‘එහෙමයි මම දංනවා ඉස්කොලේ හාමිනේ, ඒත් මගෙං ඒම දෙයක් දැංම සත්තකටම වෙංනෙ නෑ ලලිතා’

කියලා. මේ හතර බීරි කතාව ඉස්කොලේ හාමිනේටවත් ලලිතටවත් තේරුං ගියෙ නෑ නෙව. ඉස්කෝලේ හාමිනේට මේක දැනගංටත් ඕනේ. ඒ හංදා කියාපි මේ විදිහට,

‘කියාපිය බලංට උඹම, ඔය කීව කතාව තේරුං කොරලා ආයෙත් සැරයක්’ කියලා බෝම කෝපාවිස්ට වෙලා හිටං.

ආයෙ දෙකක් නෑ දකුණු අතේ තියෙන පොල්ලෙං කනවට වැඩිය හොදයි මම දංන දේ කියන එක කියලා හිතපු බාලේ කියනවා

‘ඉතිං මං ලලිතට කීවා යෑ දැංම දීගෙක යං කියලා හිටං

‍බාලේ දුංනු උත්තරෙං ඉස්කොලේ හාමිනේට කියාගංට බැරිතරං ලැජ්ජා හිතුනා. ඒත් එක්කම නහුතෙට තදවුනා. ඒ හිංදා තරහෙං පුපුර පුපුර වෙව්ලන ගමං ඉස්කෝලේ හාමිනේ වං අතෙං බාලෙගෙ දකුණු කණ ඇඹරුවා, බාලෙට මූත්තරා වෙන ගානට. මොකෑ, ඉස්කොලේ හාමිනේ හිතව්වේ ලලිතගේ ඉස්කෝලෙ ගමනත් මේකගෙ වැඩ හංදා නතර වෙයි කියලයි. ලලිතා බය වුනෙත් ඒක නිසාවෙං නෙව. මේකගේ තියෙන නොසංඩාලකමට මේකා හිතංනේ වෙන කුණුහරුපයක්. ඉස්කොලේ හාමිනේ බාලෙගෙං  බලාපොරොත්තු වුනේ මේවා ලොකු ඉස්කොලේ මහත්තැංගේ කණ වැටුනොතිං හෙම ලලිතා ඉස්කොලෙං දොට්ට දායි කියන එක. බාලේ දීපූ උත්තරෙං පස්සේ දැණුන ලැජ්ජාවත් එක්කලා ඉස්කොලේ හාමිනේ අංදුං කුංදුං වුනා, ඒ හිංදම කියංට ඕනෙ මොනවද කියලත් අමතක වෙච්චි. ඒත් එක්කම  හිතේ තිබ්බ දේ බාලෙට කිව්වට මොකෑ ඒක කියවුනේ සමහර වචන නැතුව  බාගෙට.


ඉතිං බාලේ දංනවායෑ ඒකෙ වගක්. ඉස්කෝලේ හාමිනේ වචන අඩුවෙං කියාපු පද ටික   ඊළගට  ඇහුනම බාලෙට මතක් වුනේ වෙන දෙයක්. අංදුං කුංදුං වෙච්චි ඉස්කොලේ හාමිනේට ඊළගට කියවුනේ මෙහෙමයි,

‘මම අහන්නේ බූරුවො, උඹ දංනවා නෙවෙද, ලලිතා දොට්ට දැම්මහම මොකද වෙංනෙ කියලා හිටං

මොකද මේ දැරිවිගෙ ඉගෙනීම කඩා කප්පල් වෙනවා නෙව. ඉස්කොලෙ හාමිනේ හිතංනෙ ඒක නෙව. 'ලලිතා ඉස්කෝලෙං දොට්ට දැම්මහම මොකද වෙංනෙ' කියලා හිටං අහංට හිතුවට ඉස්කොලෙ හාමිනේට කියවුනේ "ඉස්කෝලෙං" කියන පදේ නැතුවයි. 

මේක ඇහුණ ගමං බාලෙට කණ අඹරපු එක අමතක වුනා. තරු පෙනුනා. හීං දාඩිය දැම්මා. මොකද බොලල්ලා  මේකා හිතුවෙ ලලිතා දොට්ට දාංට ගියාම මේකා හොරෙං බලාන හිටපු එකත් ඉස්කොලෙ හාමිනේ දැනගෙනයි කියලා. දැං ඉතිං මේක ලොකු ඉස්කෝලේ මහත්තයා දැන ගත්තෝතිං හෙම විසුමක් වෙංනෙ නැතිවග බාලෙට හිතුනා. ඊට පස්සෙ සිද්ද වෙංට පුලුවං දේවල් බාලෙට සුටුස් ගාද්දිං මැවිලා පෙනුනා. ලලිතා දොට්ට දානවා බැලුව එක දැන ගත්තෝතිං බාලේ ඉස්කෝලෙං දොට්ටදාවි කියලා ඌට හිතුනා. මේක හැමෝම දැනගෙන වහකංට වෙයි කියලා බාලෙගෙ ඉහමොළ රත් වුනා. ඔංන ඔය විදිහට ඉස්කෝලෙ හාමිනේ පද අඩුවෙං කියාපු දේට  කලබල වුනු බාලේ ඉස්කෝලෙ හාමිනේ ඉස්සරහ වැද වැටිලා, බැගෑපත් වෙලා මෙහෙම කිව්වා.


'ලලිතා දොට්ට දාද්දිං මම ඒ අහලිං වහංවෙලා උංන බව හැබෑව. ඒත් මං මොනවාවත්ම දැක්කෙ නෑ ඉස්කෝලෙ හාමිනේ' 

මේ නොසංඩාලයා කියන මොකකවත් අගක් මුලක් නොදංන ඉස්කොලෙ හාමිනේ නඩු විසදිල්ල පැත්තක තියලා, බාලෙට අතේ තිව්න පොල්ලෙං නෙලුවා පිට මැදටම.


ප ලි -  මුල් ලිපිය පළකර පැයකට පමණ පසු සංශෝධනයකට ලක්කරන ලදී.

Saturday, January 8, 2011

සුරාට බඩේ රුජාවක්. ලමසට පුරස්නයක්

ඔංන ආයුබොවං පපුවේ තිවුන හතිය ඇරෙංට වෙනත් අමාරුවක් නොතිබ්බ අපේ සුරා ගුරුංනාංසෙට එක දවසක් මද්දහනේ බඩේ රුජාවක් හැදිලා හිටං කෑ ගහංට තියා ගත්ත. මේ අල්ලපනල්ලේ ලමසගේ කෑගැහිල්ල ඇහිලා හිටං වටේ පිටේ උං සුරාලයේ ගේ දිහාවට හනි හනිකට එංට තියාගත්ත. මේම වෙලාවට ගමේ උං එක්කාසු උනාම කරංට ඕනෑ දේ අහ අහ ඉංනෙ නෑ බොලව්.

ඉතිං කට්ටියම එකතුවෙලා හිටං ගෙදර තිබ්බ හාංසි පුටුවට ලී දඩු දෙකක් ගැට ගැහුවා. සුරා ඒ හාංසි පුටුවේ වාඩි කරවලා හිටං, හයි හක්තිය තියෙන පිරිමි මේ හදා ගත්තු දෝළාව කරගහං සුරා ගුරුංනාංසේ උස්සං ගියා වෙද ගෙදෙට්ට. වෙද රාළත් අපරාදේ කියංට බෑ ඕං සරම ඇඳ ඇඳ මිදුලටම දුවං ඇවිත් සුරා ගුරුංනාංසෙගේ තත්තේ අර ‍හාංසි පුටුවෙම තියාන බෝම හොදට බැලුවා ඕං. ඊට පස්සෙං පහු නාඩි අල්ලලා බැලුවා, ඇස් යටබැලුවා. වෙද රාළට තේරුනා මහා ලොකු අමාරුවක් නැති වග. ඊට පස්සෙං පහු  ගේ ඇතුලෙං කලුපාට බෙහෙත්  ගුළියක් ගෙනත් ගිලිංට දුංනා. ඒ කොරලා හිටං කසාය නියම කොරා.

ඉතිං මේ අල්ල පනල්ලේ ලමසත් සුරා පස්සෙංම ඇවිත් වෙද ගෙදරටම. ලමසට තමයි ඉතිං සුරාට වෙච්ච අසනීපෙ අමාරුව තදිංම දැණුනේ. අනේ ඉතිං උංදැට මැවි මැවී පේනවා සුරාගේ කියුං කෙරුං. මොන හතිය තිවුනත් වත්තෙ කුඹුරේ කාරිය කොරාන හරක  බානේ වැඩත් කොරාගෙන බෝම නිදහස්ව හිටපු මිනිහෙක් නෙව. ලමසගේ වැඩවලට සුවල්ප ඉස්පාසුවක් යෑ උන්දැගේ සුවාමියාගෙං ලැබුනේ. බැරි වෙලාවත් සුරා ඔත්පල වුනෝතිං ලමසට ඒ කාරියයි, මේ කාරියයි ඔක්කොම එකතුවෙනවා නෙව. මේ වෙද්දිං බාල කොල්ලා වෙච්ච බාලෙයි, පොඩි කෙල්ල වුන පොඩි යි ඇර අනෙක් උං පවුල් පංසල් වෙලා. උංගෙයි, දරුවංගෙයි වැඩත් බාගයක්ම තිවුනේ ලමසගේ කර පිට.   අනේ ඉතිං සුරා මේවට බැරි බැරි ගාතේ හරි උදව් පදව් වුනා නෙව.

දැං ඉතිං වෙද මහත්තයා ලෙඩේ අදුනං උවමනා කරුණු කාරණා පැහැදිලි කොරනවා ලමසට.

“ඔය එහෙ මෙහෙ තනි පංගලමේ යංට එංට දෙංට එපා. මහංසි වෙංට දෙංට එපා. දැං පරිස්සං කොරා ගනිල්ලා. කියාපු විදිහට කසාය ටික තම්බලා දීපල්ලා. මේ කසාය ටික ඉවර වුනාම ගුණ වෙයි. මහංසි වෙංට දෙංට එපා.”

ඉතිං මේ වෙද්දිං සුරා අර දෝලාවෙම ගෙදර උස්සං යනවා.

ලමසා වෙද රාළ ළගට වෙලා කල්පනා කොරනවා ‘කංදක් තරං වැඩ දැං ඉතිං තමංගෙ පිට තමයි’ කියලා. ඒ කරලා හිටං තමංගේ හිතේ තියෙන පුරස්න බෝම යටහත් පාත්ව  වෙද රාළගෙං අහනවා. ඒව එකිං එකට උත්තර දුංනු වෙද රාළ කියනවා

“හා  ඉතිං බොලාට දැං තේරුනා නෙව‚ කසාය ඉවර වුනාම වරෙල්ලා මාත් දෙදොහකිං විතර එංඤං. දැං ඉතිං පළයල්ලා.”

ලමසත් දැං බෝම වයසයි නෙව.  උංදැට හිතෙංනෙම සුවාමියා නැතුව වැඩපොළ කොහොමදෑ කොරාගංනේ කියලා. අනික් අතට මෙච්චර කාලෙකට ජීවිතේ තමංගෙ අහලිංම උංනු මනුස්සයා නෙව. ඒ මදිවට වෙද රාළම කියනවා නෙව සුරාට මහංසි වෙංට ‍දෙංටත් එපාය  කියලා හිටං. ඒත් ලමසට හිතෙනවා ‘මේ බොංට දෙන කසායෙං සුවවෙනවනං, ඊට පස්සෙ සුරා වැඩක්පලක් කොරාන පුරුදු විදිහටම උන්නාම මක් වෙනවද?’ කියලා. ඒ හිංදා ලමසා වෙද රාළගෙං උත්තරයක් බලාපොරොත්තුවෙං බෝම යටහත් පහත්ව හිතේ තියෙන ලොකුම පුරස්නේ අහනවා,

“වෙද මහත්තයො, මේ මිනිහගෙං ආයේ............වැඩක් පොළක් කරවා ගංට බැරිවෙයිද? හැබෑටම 


Thursday, December 23, 2010

සුරා ගුරුංනාංසෙ තෙල් සාත්තු කොරාපු හැටි

කාලෙං කාලෙට  ගමේ කොල්ලංගේ කටවල් අගට එක එක විදිහේ පද එනවා. තැන නොතැන බලං නැතුව එව්වා ඔහේ කියවන එක උංට මහා වීරකමක් වුනා. එව්වා මම උඹලට  අමුතුවෙං කියා දෙංට ඕනේ නැ නෙව. ගහ දංන එකාට කොළ කඩා පාංට ඕනද? ආප්ප කෑව ඈයොංට ඒකේ ඇදලා පෙංනංට දෙයක් තියනවා යෑ. ඉතිං වැඩිය කරුණු කාරණා නොකියා කෙළිංම කතාව කියංනං.
ගමේ ඇතුළට වෙංට තියෙනවා තුංමංසලක්. ගමේ කොයි රස්තියාදුකාරයගෙත් නවාතැනක් ඔතන. මුං දෙගොඩහරිය වෙනකං වැඩක් ඇතා නැතා මෙතැන ලගිනවා. එක අතකට ගම මැද මුං ලගින එකත් හොදට හිටින වෙලාවලුත් තියෙනවා. ඒවා පස්සේ වෙන දවසක කියංනං.
දවසක් රාත්තිරියේ හද පායපු දවසක තෙල් සාත්තුවකට ගිය සුරා ගුරුංනාංසේ බෝම තෙහෙට්ටුවෙං ගෙදරට ගාටනවා. දැං වයසත් බෝම වැඩී නෙව. ඉතිං මේ අල්ලපනල්ලේ ගමේ ඉළංදාරි නඩේ හංදියේ රොක්වෙලා උංනා. බෝම තෙහෙට්ටුවෙං අපේ සුරා ඇත්තත් හද එළියෙම හංදිය ලගිං යද්දිං එතැන උංනු  එකෙක්,
‘මාමණ්ඩි බෑරකට ගියාද?’
 කියලා හිටං ඇහුවා කියමුකෝ. ඒ කතා කොරේ “දොඩංපහේ කළු බාස්ගේ ලොකු කොල්ලා බව සුරා අදුනා ගත්තේ පේන නොපෙනෙන හද එළියෙං‍ නෙවේ කට හඩෙං.
‘ඔව් බොලං තෙල් සාත්තුවකට ගියා; තෙහෙට්ටුයි යංඤං.
කියලා අඩි තුන හතරක් යද්දිං සුරාට ඇහුණා එකෙක් යංතමට හීනියට  අහනවා
‘මොකෑ තෙහෙට්ටු ජංගිය දාලා නෙවේද තෙල් සාත්තු කොරව්වේ’
කියලා.
මේක අර මුලිං කිව්ව වගෙ මුංගෙ කාලෙං කාලෙට කියන පදයක් නෙව. ඒ කටහඩ “වීසිංගෙදර මැද්දුංගෙ කොල්ලගේ වග සුරා බෝම හොදට අදුරගත්තා ඕං. සුරාට මේ වචනෙ එක්ක බෝම නහුතෙට තදවුන අතීතෙකුත් තියෙනවා බොලව්. අමතකනං මෙතන ඔබපල්ලකෝ. දැං මතකනේ. සුරා කියංනේ හිතේ කුණු ඉතුරු කොරා ගංනෙ නැති මිනිහෙක් උනාට මෙංන මේ අතීතේ හිතට ආව හංදා සුරාට මේක හිතේ පැල පදියං වුනා කියල තමයි මේක මතක් කොරන ගමේ එව්වෝ කියංනේ. ඒත් සුරා කට ඉස්සර කොර ගංනේ නැතුව මේක ඇහුන නෑහුන ගානට උගුර පාදලා යංට ගියා. කොල්ලො රැළ මහ හයියෙං හිනා වෙනවත් ඇහුනා.
දැං මේක සිද්ද වෙලා පෝයෙං පෝය ගෙවුනා කියමුකෝ. දැං ඉතිං කොල්ලොංටත් මෙව්වා අමතකයි.
ඔහොම කාලේ යද්දිං වීසිංගෙදර මැද්දුංගෙ කොල්ලගේ දත් වෑ ගෙඩියක් අවුදිං කකියනවා කියලා හූ තියෙනවා. බොලාලා දංනවා නෙව සුරා  ඔය වගේ ඇගේ පතේ අපාසුකංවලට තෙල් මතුරංට හෙම සූරයා කියලා හිටං. කොල්ලගේ කන්දොස්කිරියාව ඉවසංට බැරුව දැං මැද්දුවා කොල්ලව ඇදං යනවා සුරාට කියලා තෙල් සාත්තුවක් කොරා ගංට. උගෙ නඩේ උං ටිකකුත් මේ පිටිපස්සෙං යනවා ඉතිං. ආයුබොවං මෙව්වා ගං. ඒ කාලේ හංදි ගානේ ඩැංටල් කිලිනික් තිව්නේ නැහැ. තෙල් සාත්තුව තමයි ඉතිං ඔහොම තැංවලට ටක්කෙටම හරි ගියේ. දැං මේ මැද්දුංගෙ කොල්ලට ලෝකෙම අමතකයි දතේ වේදනාවට.  ඉතිං මැද්දුවා සුරා ගුරුංනාංසේට බුලත් අතක් හෙම දීලා කොල්ලගේ ගාය ගැන කීවා. මේ අල්ලපනල්ලේ සුරාට පෝය කීපෙකට කලියෙං වුනු සිද්දියත් මතකෙට ආව ඕං. ඒක මුලට ගංනෙ නැතුව ගුරුංනාංසෙත් ඉතිං ගේ ඇතුළට ගොහිං ටිකකිං දෙහි ගෙඩියක් මතුරං අවුදිං; කොල්ලගේ කම්මුලේ තෙල් ටිකක් උලලා හිටං ,
‘මෙංන මේක හපාපිය හක්කෙං; ඒ කොරලා හිටං කෙල ටික ගිලපං.’
කියලා  දෙහි ගෙඩිය කොල්ලට දුංනා. ඌත් ඔංන හූල්ලන ගමංම හැපුවා දෙහි ගෙඩිය හක්කෙං “ චරස් ගාලා. ඌට ඒක ඇඹුල් වගක්වත් දැණුනේ නෑ  වේදනාවෙ දරුණු කම හංදා.
ඇස් වහක් කටවහක් නෑ බොලව් ඒක හපලා කෙළ ටික ගිල්ලා විතරයි මේකගෙ වේදනාව අතුරුදං වුනා කියපල්ලකො. මැද්දුංගෙ කොල්ල දෙයියෙක් දැක්ක ගානට දනිං වැටුනා සුරාගෙ ඉස්සරහ. මැද්දුවත් බෝම පිං දීලා දැං සුරාගෙ ගෙදරිං යංට යනවා. ඒ යන ගමං මැද්දුං කියනවා ,
‘අනේ ගුරුංනාංසේ නොහිටිංට මේකා මහ ඉස්පිරිතාලෙටම උස්සං යංට වෙනවා නෙව. ගුරුංනාංසෙට බෝම පිං අයිති වෙනවා මේ කොරන සේවෙට. උඔලා මේ වෙදකං කෝම කොරනවද කියලා අපටනං හිතා ගංටවත් බෑ ඕං.
ඒක හැබැයි කියලා කොල්ලොත් ඔළුව වනනවා. පෝය කීපෙකට කලියෙං වුනු සිද්දියට මේකට පාඩම උගංනංට දැං ඉතිං වෙලාව හොදා කියලා හිතපු සුරා, මෙහෙම කියනවා.
‘හොදා හොදා ගොහිං වරෙල්ලා; හැබැයි....................මද්දුවාගේ එකො ................. උඹ දංනවද? මම උඹට අද වෙදකං කොරේ නං; අර එදා රාත්තිරියේ හංදියේදී උඹ දාලද අහපු එක ඇදගෙන  නෙවේ බොල.

Tuesday, December 21, 2010

පිච්චිය නැති අල්ලපනල්ලේ ලමසත් කොරන වැඩ




කැතිගානාකදුරේ ගමෙං කැංදං ආපු ලමසා තමයි සුරා ගුරුන්නාංසෙගේ අඹුව. සුරා ගුරුංනාංසෙට කොයි එකටත් ඉංන සිරිදුව උනෙත් ඉතිං උංදෑම තමයි. සුරා ගුරුංනාංසේ වළ පයයි ගොඩ පයයි තියං ඉංන අල්ල පනල්ලෙ උංනැ හදිස්සියේ හහ් ගෑවොත් ඒම ලමසගෙ කයි කතංදර බොලාලට කියන එක බොරු.  ඒ හංදම උංදෑ ගැනත් වටිං ගොඩිං කියලා තියෙන එක ඇගට ගුණයි කියලා හිතුන හංදා එහෙම කොරංට හිතා ගත්තා ඕං. හැබැයි මේක උංදැගෙ කෙරුවාවකට සුරා දුංනු උත්තරයක් බෝම ඉස්සර.


ගමේ කොයි එකාටත් ඉතිං නැතිබැරිකං කියන ඒවා උපදිනවා නෙව, හිටි අඩියෙම. ඉස්සර කාලයක් සුරාගේ ගෙදෙට්ටත් නැතිබැරිකං ගොඩවෙලා උංනා කියමුකො. ඉතිං වැඩියෙංම නැතිබැරිකං තිවුනේ ගේ ඇතුලේ කුස්සිය පැත්තෙ. පිටිං ගේන ලුණු, සීනි, කරවල ටික බෝම හිපාඩුව දැණුනා. ඇගේ පතේ වේස නිවාගංට රණවරා, පොල්පලා ටිකක් හරි, කෝපි කෝප්පයක් හරි බී ගංට සීනි ඩිංගිත්තක් ගේ හරියේ නැති එක බෝම තදේටම දැණුනා. කුඹුරේ පිටියෙං හාල් ටික පොල්ටික, පළා ටික ලැබුන හිංදා වගෙම වැලි කාලා හරි ඉංට පුළුවං විදිහට දරු මල්ලො හැ ගැහිලා උංනු එක මේ හැම එකටම බෝම ඉස්පාසුවක් වුනා.

ඉතිං පිටිං අඩු වැඩිය ගංට සුරාට පිච්චිය නැති කාලෙක දවසක් සුරා ගෙට ගොඩවෙද්දී ලමසයි සුරාගේ කොල්ලො කුරුට්ටෝ ටිකයි වටවෙලා බිත්තිය දිහාව කට කොට්ටං අල්ලං බලං ඉංනවා. මේ මොකද බොලව්, තොපිට අමු කැවිලද?  කියලා ඔළුව දාලා බැලිංනං සුරා දැක්කේ බිත්තියේ ගහලා තියෙන අලුත්ම ඔරලෝසුව. සුරා ගුරුංනාංසේ ඇහුවා ගත් කටටම;

කොහෙංද බොලං මේක

 කියලා. ඒකට ලොක්ක එක පාරට පට පට ගාලා කියාපු උත්තරේට සුරාට ඌරු ජුවල්;

මනි බඩු කාරයගෙං අම්ම හැටපහකට ගත්තෙ.

සුරාගේ අඹුව මනි බඩු කාරයගේ නානප්පකාර කයිවාරුවට වසී වෙලා හිටං ගේ හංගං උංනු පිච්චිය දීලා බිත්ති ඔරලොසුවක් අරං. යකො මගෙ අතේ පිච්චචියක් නෑ මේකිට ඔරලෝසු ගංට සල්ලි තියෙනවා සුරා දැං හිත්තයා එක්ක වාද කොරනවා බෝම තරහෙං. ඒත් ලමසටනං බෝම සතුටුයි කොරාපු දේට. ඉතිං මේ වෙද්දි උංදෑ හිටියේ කොරාපු දේ ගැන බෝම උජාරුවෙං.

සුරාට අහවල් එකකටද ඔරලෝසු.  සුරා දංනවා කුකුළා අඩලනකොට පාන්දර පහ විත්තිය. ඉං හෝරාවක් ගියාම අවිච්චියා කෑ ගහනවා. තව හෝරාවක් යනකං කපුටො කෑ ගහනවා. ඔය කාරියං වෙද්දිං උදේ හත විතර වෙනව. දෙමලිත්තො වත්තට එංනෙ ඊළග හෝරාව ගෙව්නම. ඉරගල මුදුං වෙද්දි දවවල් දොළහයි.  හවස වැඩපොළ ඉවරකරංට කියලා තමයි හෙංදිරික්කා මල් පිපෙංට ගංනෙ. ඔය විදිහට පරිසරේ වට පිටාව එක්ක උංනු සුරාට ඔරලෝසුවෙං ඇති පලක් තිව්නේ නෑ.

කොහොමිං කොහොම හරි සුරා දැං තරහ නිවෙංටත් එක්ක කඩ මංඩිය පැත්තට යංට හිතාගෙන යංට යනවා. සුරා ගුරුංනාංසේ කියංනේ තමංගෙ තරහ අතිං පයිං පිට කොරාපු මිනිහෙක් නෙවේ නෙව. මේ වගේ ලමස නිසාවෙං ඌරු ජුවල් එන කාරනාවලදිං සුරා කොරව්වෙ ම ඇරලා ගොහිං තරහ නිව්නම ගෙදෙට්ට එන එක. සුරා යනවා දැක්ක ලමසට බෝම දුක හිතුනා. ඔරලෝසුව දිහා ඇහැක් ඇරලා නොබලංට හේතුව ඒකට තියෙන අමනාපෙ බවත් ලමසා දංනවා. ගෙදෙට්ට ලැබුන මේ අළුත් වස්තුව දිහා බලා ගත් ගමංමයි තවම පොඩි උං ටික. ඒ හිංදා අප්පගෙ හැසිරීම උංට ගානක් නෑ. එහෙම හිටපු කොල්ලංට ලමසා මෙහෙම කියනවා,

ආං උඔලගේ අප්පොච්චා ආයෙත් කොහෙද යනවා. කහට කෝප්පයක් දෙංටවත් සීනි ඇබිංදක් නෑ නෙව ගේ හරියේ

කියලා, ඒ කරලා හිටං සුරාට ඇහෙංට සද්දෙං මේම කිව්වා,

ඇහුනද? කඩ මංඩියටනං යංනෙ පොඩි උං එක්ක කහට බොංට සීනි කාලකුත් අරංම වරෙල්ලා.

මේක ඇහුනම සූරාගේ දිවේ උංනු යකා එළියට පනිංට ඔංන ලෑස්ති වෙනවා.  යකො මේකිට ඔරලෝසු ගංට සල්ලි තියෙනවා. ලමස කොරාපු වරද පෙංනල නොදී යන එක වැරදි විත්තියත් එක්ක මේක පෙංනංට හොදම වෙලාව දැං තමයි කියලා හිතපු සුරාගෙ හිතට ආවා හොද පද.
සීනි කාලක් මං ගේංනෙ මගෙ අහවල් එක දීලා ඈ වගෙ දෙයක් කියංට. ඒ උනාට සුරා ගුරුංනාංසේ ලමසට දීපු උත්තරෙං, තමංගේ සුවාමි පුරුසයා තමංට කොයිතරංනං ලෙංගතුද කියලා හිතෙනවත් එක්කම තමං කොරේ අයුතු දෙයක්ය කියන එක උංදැට තේරුං ගියා.

සුරා කිවේ මෙංන මේ පද ටික,

උඹ ඔය ඔරලෝසුව ලෙවකාලා පොඩි උං එක්ක කහට බීපං.

Sunday, November 28, 2010

සමාජ ආස්සරෙං උත්තර දීම.

සුරා ගුරුංනාංසේගේ බාල කොල්ලව අදුංනව්වේ “ බාලේ ” කියලා හිටං. සුරාගේ ලොකු පුතා “ ලොක්කා ” ගැන හෙම හැමෝම දංනවනේ නෙවෙද? මුං ගැන කතා සුරාට එහා එමටයි. ඉතිං මේ කයි කතංදර කියල ඉවර කොරන එක, එක රැයිං කොරංට බෑ. විඩෙං විඩේට හෙමි හෙමීට කියංනං. හැබැයි මේ කයි කතංදර එකාගෙං එකාට වෙනස්. එකම පවුලේ උං වුනාට උංගේ හිතුවිලිත් එක්කයි, වයස දැනුං තේරුංකං එක්කයි මේවා වෙනස් වෙනවා.
සුරාගේ පවුලේ බාලයා වෙච්චි බාලේ, “බාලයා මෝඩයා” කියංනැහේ තමංට නොගැලපෙන කාංඩේ ආස්සරේ කොරලා පාඩං ඉගෙනගෙන හැදුන එකෙක්. දැං මූ පිළිවෙලකට ඉංන වැඩිහිටියෙක්. මුංගේ ලොකු අයියා වෙච්ච ලොක්කාව ගොනාට අංදන “ අමරෙ, පත්මේ ” උංව තමයි මේකා ‍බාලයා වුනාට ආස්සරේ කො‍රව්වේ. උං කියාපු, කයි කතංදර බෝම ඇත්ත සත්ත දේවල් කියලා හිටං බාලේ ඉහ මුදුනිං විස්වහ කොරා නොදංනාකමට. ඉතිං මේ බාලේ තාම ඉස්කොලේ හයේ හතේ විතර උංනු කාලේ. බාලේ ලෝකේ රට තේරුං ගංට උත්සහ කොරව්වේ අමරෙගේ පද්මෙගේ කයි කතංදරවල තිබුන දේවල්වලිං. කොටිංම කියනවනං බාලෙගෙ ලෝකේ වීරයො වෙලා හිටියේ උං.
මේ කාලේ ඉස්කෝලේ උංනු, “ලොකු ඉස්කෝලේ මහත්තයා” ඉස්කෝලේ කොල්ලො කෙල්ලංට පුදුම ‍සෙනෙහසක් තමයි තිව්නේ. ලොකු ඉස්කෝලේ මහත්තයා මේ හංදම පංතියකට ගොඩ උනොත් කොරංනෙම සාරදර්ම ගැන කියෝන එක. උංදෑ ඉස්කෝලේ වත්තෙ ගහකොල ගැනත් බෝම උනන්දුවෙං හොයලා බැලුවා. ඉස්කොලේ වත්ත පුරා පොල් ගස් පාලොහක් විස්සක් විතර තිව්නා. මේවයේ පොල් කැඩුවේ කිරා.  කිරාට බැළගෙඩිය දෙන ගමං ඉස්කෝලේ මහත්තයා කීවෙම,
‘අනේ කිරො තව සති දෙක තුනකිං නෙවරදීම වර. මට බයේ බෑ බං මේ පොල් ගෙඩියක් ඉස්කෝලේ කොලුඅංකුට්‍ටංගේ මත්තේවත් වැටෙයි කියලා බං.’
උංදා එහෙමයි ඉස්කොලේ වත්තෙ පොල් ටික කැඩුවෙත්, කොල්ලො කෙල්ලංට හියෙන සෙනෙහස හිංදා ඕං.
ඉතිං ලොකු ඉස්කෝලේ මහත්තයා බාලේලාගේ පංතියට හදිසියේ ගොඩවෙලා හිටං සාරදරුම ගැන පාඩම කොරනවා. මෙදා කොරව්වේ “දෙමාපියංගේ දරුවංට තියෙන දයාව කරුණාව සෙනෙහස ගැන”. දෙමාපියො දරුවො හදංට, නොවිදිනා දුකක් නෑ නෙව. ඉතිං අපේ ඉස්කොලේ මහත්තැං මේ ගැන තමයි කතාව. බාලෙත් මේක බෝම අවදානෙං අහං උංනා.
ඉතිං අර මුලිං කියාපු අමරෙලාගේ පත්මෙලාගේ රංචුවට වැටිලා බාලේ උංනු වෙලාවක, උං දෙමාපියො ගැන දවසක් කියාපු සමහර දේවල් එක්ක ලොකු ඉස්කෝලේ මහත්තැං කියාපු දෙවල් එකයි. මුලිං කිව්වා නෙව  උංගෙ කයි කතංදර බාලේ බෝම ඇත්ත සත්ත දේවල් කියලා හිටං ඉහ මුදුනිං විස්වහ කොරාපු විත්තියත්.
ඉතිං තම තමංගෙ දෙමාපියො හේනෙ කුඹුරේ ගොඩ මඩ දවල් රෑ නැතුව දරුවො ගැන මහංසිවෙන බව මේ පුංචි උංගේ හිත්වලට රිංගවංට, අහපු දැකපු, දංන කියන දේවලුත් උපහැරනෙට අරං උත්තර දෙංටැයි කියලා හිටං
“හා එහෙනං තමා කියමු බලංට දංන කියන දේවල් සමාජ ආස්සරෙං උපහැරන එක්ක”  
කියලා ලොකු ඉස්කෝලේ මහත්තැං,  මේ කොල්ලො කුරුට්ටො එක එකාගෙං පුරස්න අහනවා. පොඩි උනුත් බෝම සුරුහුමට උත්තර දෙනවා ඕං.
ඔංන දැං ලොකු ඉස්කොලේ මහත්තයා ඇඟිල්ල දික්කොරා බාලෙට, මෙංන මෙහෙම කියලා.
‘හා හොදයි ‍එහෙමනං තමා කියමු; දංන කියන, අහපු දැකපු දේවල් එක්ක දරුවො හදංට අම්ම අප්ප මහංසි වෙංනෙ කොහොමද කියලා, ඒ කියංනේ සමාජ ආස්සරෙං උපහැරන එක්ක’
මුල ඉදංම කිව්වා නෙව බාලේ හැමදේම බලව්වේ අර ගමේ මුගේ වීරයංගේ කයි කතංදර එක්ක විත්තිය. ඉදං උංනු පුටුවෙං නැගිටින ගමං මූට මතක් වුනා ඉස්කෝලේ මහත්තයා දෙමාපියො හේනෙ කුඹුරෙ මහංසිවෙලා දරුවො හදංට මහංසිවෙන විදිය පැහැදිලි කොරාපු හැටි. ඒවා කියලා වැඩක් නෑ නෙව. ලොකු ඉස්කෝලේ මහත්තයා අහංනේ, අහපු දැකපු වෙනත් දේවල් නෙව. ඉතිං දවසක් අමරයා පත්මයාලා කයියට වැටුන තැනක, කට කොට්ටං අයාන බලාගෙන හිටං බාලේ ඉද්දි උංගෙ කතාවෙං කියවුනු දරුවෝ හදංට දෙමාපියෝ මහංසිවෙන විදිහ  මෙතැනදී කියවුවෝතිං අගේට තියෙයි කියලා හිටං, මේ පුංචි එකා ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුරස්නෙට හොඳ හුස්මක් අල්ලලා හිටං මෙංන මේම උත්තර දුංනා.
‘උංදැලා මහංසි වෙංනෙ........... ඇගේ නූල් පොටක්වත් නැතුව’
(ආයිබොවං, තරහ ගංට දෙයක් නෙවෙයි, දෙමව්පියො තමංගේ දරුවො ආස්සරේ කොරංනේ කවුද? කිංද? මංද? කොරංනේ මොනවද? කියලා අනිවාරියෙංම හොයලා බලංට ඕනෑමයි)

Sunday, November 7, 2010

හා පැටියා මංදෙං රිංගංනැහේ

කාංති කැංදං ඇවිත් අවුරුදු හතරක්ම ‍ගෙවුනත් තවම දරුවෙක් මල්ලෙක් නැති එක ලොක්කට බෝම තදේට දැනුනා.  අමරයගේ, පද්මෙගේ දරුවෝ මේ වෙද්දිං   ඉස්කොලෙත් යනව.
එක දවසක් පංසලේ ඉරිද ඉස්කොලේ තිව්න උස්සවේකදී හාතියල්වෙලේ උංන ලොක්කට ඇහුනා විපස්සී හාමුදුරුවෝ වත්තු සූත්තරේ පැහැදිලි කොරා.
කිංසු වත්තු මනුස්සානං පුත්තා වත්තු මනුස්සානං කියලා හිටං. මිනිසුංට වස්තුව වෙංනේ දරුවෝ වග තමයි ඒකෙං පැහැදිලි කොරේ.
මෙච්චර කල් ගතවෙලත් ලොක්කට දරුවො නැති එක කාංතිගේ දෝසයක් විදිහට තමයි ගම්මු සැලකුවේ.  දරුවො නැති ගෑනුංට ගම්මු කීවේ ව ගෑනුයි කියල හිටං. ඉස්සර කාලෙනං රජවරුංට හෙම දරුවෝ දෙන්ටැයි කියලා ඔය සංදේස පවා ලීවලුනෙව. ලොක්කා ඉතිං මොනවා රචනා‍ කොරංටද දෙයියංට තමයි හීල්ලුවේ ආස දිහාව බලාන. ලොක්කගෙ නඩේ උං මේ ගැනත් උගෙං ඇහුවා.
බං මොකදෑ උඹලට තවම පට්ටි හිටිංනේ නෑද?  කියලා.
ගම්මු පට්ටි හිටිනවා කීවේ දරුවෙක් පිළිසිදගංනවා කියන අරුතෙං. එහෙම වෙලා නැතිවෙන එකටම තමයි ගබ්සාවෙනවයි කීවෙත්. කාංතිට තිව්නෙත් මෙංන මේ ලෙඩේ. අමරයාලාගෙ පද්මයාලගෙ බාසාවෙං කියනවනං හෙම,
කොරව්වට හිටිංනේ නෑ.
කාංති ලොක්කත් එක්ක අටව ගත්ත ගෙදෙට්ට වෙලා දවල් කාලේ ගතකොරේ බෝම තනියෙං, අමාරුවෙං. මේක දැකලා බේකරියේ මුදලාලිටත් බෝම හිතේ අමාරුව. බේකරියේ මුදලාලිටත් දරුවො හිටියේ නෑ. ඉතිං මුල ඉදලම කාංතිට මුදලාලිගේ තිබුනේ පුදුම සෙනේහයක්. මතකනේ කාංතිගේ මගුලටත් උදව් කොරා. හැමදේම දීලා. ඒක අමතකනං මෙතැන ඔබංටකෝ. දැං මතකයි නෙවෙද?
ඉතිං බොලව්  මුදලාලි හදිසි වැඩක් තිබ්බොත් හෙම කාංතිව ගෙන්න ගංනවා බේකරියට. දරුවෙක් මල්ලෙක් ඉංන ගෑනියෙක් යෑ. ඉතිං පස්සෙං පහු මුදලාලියා කාංතිව බේකරියේ වැඩටම එක්කහුකොර ගත්තා. මෙතැං ඉදලා ඉතිං  අමරයාලාගෙ  බාසාවෙං කියනවනං හෙම,
මල කෙලියයි, කෙළ තලියයි.” 
ලොක්කට මේවයේ ගානක් නෑ. ඒක නෝංජලයා නෙව. ලොක්ක තමයි කුකුළා කරේ තියං හුලු අත්තත් අවුලං කාංතිව බේකරියට ඇරලලා එංනේ. එතකොට ගමේ උං කතා වෙනවා,
“අංන අඹුව දං දෙංට යනව”
කියලා.  හවහ රෑ උනොත් ඒකි එක්කං එංටත් යනවා. එතකොට ගමේ උං කතාවෙනවා,
“අංන දංසැල ඉවර කොරලා එනවා” කියලා හිටං. කාංතිගේ මනාපේ ගංට ඒකාලේ ආව පිරිමි අතෑරලා ලොක්කවම තෝර ගත්ත හේතුව ගමේ උං මේ වෙද්දිං ටක්කෙටම අදුරං හමාරයි. මේ විදිහට මොනව  සිද්ද වුනත් ලොක්කගේ තිබුනේ දරු හුරතල් බලන හීනේ.  
මුගේ අර නඩේ උං ලොක්කගෙං අහනවා,
‘ලොක්කා තවම  කොරව්වට හිටිංනේ නෑද?
කියලා. ලොක්ක කියනවා බෝම සංවේගෙං
ඔහේ නෑ බොලව් හා පැටියා මංදෙං රිංගං යන්නැහේ ගලවං යනවා නෙව කියලා.
පව් අහිංසකයා දැංනං නඩේ උංටත් මේ ගැන විස්සොපයි. මේ හිංදම කාංති ගෙදර ඉංට තියෙන අපාසුව මකා ගංට බේකරියේ වැඩට යන විදිහට ගමේ උං හිනාන ඉංන වගක් එක්ක; මේකට හරියන බේතක් කොරාගංට සල්ලිය බාගෙත් ලොක්කලා ලඟ ඇති නේද? කියන වගක් අගවංට කියලා හිතාන අමරයා ඒ කතාවේ අගට මෙහෙම ඇහුවා,
ලොක්කා  දැං කාංති බේකරියේ වැඩටත් යනවා නේද? මුදලාලිත් උදව් කොරනවා නේද උඹලට?
ඒකට උත්තරේ විදිහට ලොක්කා කීව හතර බීරි කතාවට නඩේ උංට එලොව පොල් පෙනුනා, මෙංන මේකයි ලොක්කා කීවේ,
ඒ ගියාට වැඩකුත් නෑ බං, එහෙදිත් හා පැටියා මංදෙං රිංගං යන්නැහේ දෙසරයක්ම ගලවං ගොහිං නෙව.

Wednesday, November 3, 2010

සැංටිබෝඩ් මහත්තයා එනවෝ.

සුරා ගුරුංනාංසේ දැං වළ පයයි ගොඩ පයයි. වත්තෙං පිටියෙං ආදායං කියලා එහෙමට ඇත්තෙත් නැහැ. අර ලොක්කලා, මද්දුවලා කියල උං හිටියට පවුල් පංසල් වෙලා උනුත් උංගෙ මනාපෙට තමයි ජීවත් වුනේ. සුරාට සරමක් බැනියමක් ගංටවත් ඕනෑකමක් තිවුනේ නැහැ. බොර පැහැ වෙච්ච  ඇදුං “ජංසං ගැරජ්” එකේ “කණ්නාඩි බාස්ගේ” ඇදුංවලටත් වඩා කිලුටයි.  පදුරක් අස්සෙ වහංවෙලා උංනත් “උනහපුලුවා ගිය මග වගේ” සුරා මේ අහලම ඉංන වග පුසුබෙංම අදුන ගංට පුළුවං. ඉතිං බොලව් සුරාට මෙහෙම වෙච්ච එක මහා නස්පැත්තියක් වගේ කාටවත් දැණුනේ නැහැ අමුතුවෙං. හිමිං හිමිං වෙනස්වුන සුරාගේ සුවරූපේ දිහා ඇහැ ගහං බලං උන්නු උං ගමේ හිටියේ නෑ. ගමේ උංට විසදගංට ඊට වැඩිය දේවල් තිවුනා.

ඒ කොහොමිං කොහොම හරි සුරාගේ මේ  ජරාජීරන බව නක්කලේට ගත්ත වුනුත් උංනා. හත් අට පාරට පාරේ ඇණ තියං ඉදලා ගෙදර යන සුරාට බේරෙංටම බැරි විදිහට කොලොප්පං කොලේ 'කොට පාලම' ළග සුගතයගේ කොල්ලෝ දෙංනා. සුගතයත් මහ කමකට නැති නොසංඩාලයෙක්. උගෙ දරුවොත් හදලා නෙවේ, “ගහේ කටු උල්කොරංට ඕංනේ නෑ” කියනවා වගේ හැදිලා උංනේ සුගතයාව ආදුරුසෙට අරං.

සුරා ගෙදර යද්දී හත් අට පොළකම ඇණ තියං ඉදලා ගියාට සුගතයාලගෙ ගේ ලගිං එක හුස්මට යනවා මේ ඇට්ටිබි කොල්ලංගෙං වහංවෙංට තියෙන උවමනාව හිංදම. මෙවුං දෙංන යංතං ඇටෙං පොත්තෙං එළියට ආව විතරයි. කොහෙංදෝ මුං අහුලගත්ත වචනයක් සුරාගේ පෙනුම එක්ක ඈදං කියවංට තියා ගංනවා.

වරුතමානේ මිනිසුංගේ සරිර සුවතාවයට හානි‍කර දේවල් හොයංනේ මහජන සවුක්කිය පරීක්සක මහත්තැං නෙව. ඒ කාලේ ඒක කොරාපු මහත්තැං අදුන්නව්වේ ඇවිල්ලා හිටං “සැංටිබෝඩ් මහත්තයා” කියලා. කිලුටට, අපුලට තියෙන තැං ඇහුගැටුනොත් හෙම මේ මහත්තැංට ආයේ ඒකට වග කියංට ඕනෙ උං වසලා අහවරයි. දඩ පිට දඩ. මේ වෙද්දීං සුරාගෙ පෙනුමත්  බෝම කිලුටයි, අපුලයි. මේක හිංදා අර සුගතයාගේ කොල්ලෝ  සුරා ඇහැ ගැටුන ගමං කියනවා,

‘ඒයි ඔංන සැංටි බෝඩ් මහත්තයා එනවා.’

කියලා හිටං. සුරා බෝම කිලුටු නිසා සැංටි බෝඩ් මහත්තයා දැක්කොත්  අල්ලලා දඩ ගහන බව නෙව මුං මේ අගවව්වේ. මේක සුරාට අලි වදයක් වෙලා නතර කොරගංන මගක් කම්පනා කොර කොරා ඉංන අල්ලපනල්ලේ, සුගතයා මිදුලේ උංනු දාකත් මුං මේ විදියට කියංට පටං ගත්තා. එහෙම කිව්වා විතරක් ද උංගෙ අප්පට පේංටත් එක්කම බැරි බැරි ගාතෙ ඇදෙන සුරාගේ පස්සෙං කොට පාලම දිහාටම පැංනුවා. සුගතයත් උගෙ දරුවංට හොද නරක කියලා දෙනව වෙනුවට කොරේ කට කොට්ටං අයාන විරිත්තං බලාන උංනු එක.

‘ඒයි ඔංන සැංටි බෝඩ් මහත්තයා එනවා.’

කිය කියා පස්සෙං එන ඇට්ටිබි කොල්ලංටයි, උංගෙ අප්පටයි දෙංනටම ඇහෙංට හොද පදයක් කියංට සුරා දැං සැරසුනේ නැතෑ, අත්දෙක පස්සට කරලා බැදං යන ගමන නවත්තලා, බෙල්ල කරකවලා, උගුර හෙම පාදලා ටිකක් උස් සුවරකට කට තනාත. සුරා නැවතුන ගමනට කොල්ලො දෙංනත් නැවතුනා. සුරා දැං සුගතයාටත් ඇහෙංට, කොල්ලංගෙං අහනවා මෙහෙම,

‘ආ..... හැබෑට...... සැංටි බෝඩ් මහත්තයා එනවද.........? එහෙනං උබලගෙ මව්ට කියපල්ලා විගහට ඇද හදලා නාලා එංට කියලා.’

පොඩි උං සුරා කියපු කතාව ලිහා ගංට බැරුව කට බලි අයාන බලං හිටියා. එක පාරටම සුගතයාගේ කට හඩ ඇහුනා බොලව්,  

‘අඩෝ, අඩෝ.....ඕ’

කියලා හිටං. ඒක ගානකටවත් නොගත්ත සුරා ගුරුංනාංසේ මෙහෙමත් කියලා යංට ගියා.

‘හැබැයි, ඇදට කොට්ටෙකුත් දාල හිටං, උඹලා තුංදෙනා එළියට පලයල්ලා ඈ.’

කොට පාලමෙං එගොඩ වෙලා ගොහිං හිටං “බන්නැහැ ගෙදර” ළග කන්දේ පාර අයිනට වෙංට ඇණ තියං උංනු සුරා ගුරුංනාංසේට සුගතයාගේ කොල්ලො දෙංනා විලාප තිය තිය අඩන සද්දේ ඇහුනා බොලව්.

Thursday, October 28, 2010

තොපි කීවේ බොරුනේ


කැතිගානාකදුර ගමෙං තමයි සුරා ගුරුංනාංසේ ලමසාව දීග ගෙනාවේ. ඒ කතාව අමතකනං මෙතෙංට අනිංටකෝ. දැං මතකයි නෙවෙද? මේ කැතිගානකදුරෙ හිටියා “කාංති” කියල හුරු බුහුටි කෙලි පැටික්කියක්. උංගෙ අම්මත් තවම ඒ වගේම හැඩහුරුවයි. අම්මට නොයෙක් පද ගමේ උං කිව්වට කෙල්ලටනං එහෙම කතංදර ඇහුනේ  නෑ. කාංතිගේ අප්පච්චි වැඩ කලේ ඇවිල්ලා හිටං “කලු මහත්තයාගේ” බේකරියේ.  කලු මහත්තය දළ කාරයා. අනෙක් සේවකයිංට වැඩිය කාංතිලගෙ  පවුලට බෝම හිතවංතයි. කාංතිත් දැං දීග දෙන වයස. දැං යස එකියක්. මේකි ගෙනියංට ඕන එකෙක් වහ වැටෙනව. ඒත් කොයිතරංනං   වත්පෝසත්කං තියෙන, පිරිමි මේ ඔත්තුව දැනං කාංතිගෙං බහ ගංට ආවත් මොන එකක් හිංදා ද මංදා ඒකි නෙවේ ඒ එකෙකුටවත් කැමති වුනේ. කාංතිගේ අප්පා කිව්වේ,


‘හෙනං තී ඒරොප්පෙං එනකං හිටු’ කියලා.

ලොක්කා සුරාගේ ලොකු කොල්ලා. සුරාගේ දරුවෝ ගැන අමතකනං මෙතන තද කොරංටකෝ. දැං මතකයි නෙවෙද? ලොක්කා නෝංජලයා. මේකා කොරව්වේ මී හරක් ආංබාං කොරන එක. හීයකට කුඹුරකට හරි කමතක ගොයං කොලේකට හරි  ඔට්ටුවුනාම මුගේ කෙරුවාව නොම්බර එකයි. හීයකට කුඹුරකට බැස්සාම, ඕසේ ඇදලා හීය හානවා,

උඩි     අ......ම්.....මෝ..................ව්.......ව්.......වෝ.......ඕ....

කියලා ගමටම සිරියාවයි.

මූටත් හිටියා හරි හරියට ගමේ නඩයක්. ලොක්කගේ නෝංජල්කම හිංදාම මේකව උපහාසෙට ගංටත් එක්කලාම මේ කොයි එකත් මූට ලංවුනා.

කැතිගානාකදුරේ කාංති ගැන ඔත්තුව  සුරාලගේ ගෙදරටත් ආවා කියමුකො. පස්සෙං පහු බලෙංම වගේ. ඉතිං දවසක සුරා ගුරුංනාංසෙයි, පවුලයි, ලොක්කයි ගියේ නැතෑ කාංතිල‍ ගෙදෙට්ට.

“අහේතු කාලේන කජ්ජේන පුහුලං” කිව්වලු.

ලොක්ක දැකලා බුලත් හෙප්පුව දීලා කතා බහ කොරල හෝරාවෙං කාංති කැමති වුනේ නැතෑ මේ නෝංජලයට.  ඉතිං කොහොමිං කෙහොම හරි දැං ලොක්කට කාංතිව තීංදු වෙලා.  තව සුමානයක් විතර මේ මගුලට කල් තියෙද්දිං ලොක්ක ගමේ කොලු රෑනට වැටුනා දවසක්. කාංති වගේ යස එකියක් මේ බූරුවට බහ දීපු එක මුංටත් මහ ප්‍රහෙලිකාවක්. හෙට අනිද්දාම  කාංතිව මනමාළියක් කොරලා මේකා කැංදං එංට යන වග දැං හමෝම දංනව.  ඉතිං දැං මුං ලොක්කව වටකොරං උපදෙස් දෙංට ගත්තා. අමරයා තමයි බේරංටම බැරුව කියවංනේ. පත්මෙත් එහෙමමයි. මුංගෙං සමහරු ඒ වෙද්දිත් පවුල් පංසල් වෙලා හිටපු උං හිංදා ලොක්කත් බෝම උනංදුවෙං, කං නමං මුංගේ කතාවට ඇහුංකං දුංනා.  කාංතිව ගෙදෙට්ට කැංදං ඇවිත් ගතකොරන පලමු රාත්තිරියේ සිද්දවෙනවයි කියපු සමහර දේවල්  ඇහුවම ලොක්කට බයත් හිතුනා.

 කාංතිගෙයි ලොක්කගෙයි මංගල්ලේ චාමෙට, ජයට සිද්දවුනා. බේකරියේ මුදලාලි අපරාදේ කියංට බෑ කොරාපු උදව් පදව් නොතියෙංට එහෙම මගුලක් කන එක කාංතිට හීනයක් වෙංටත් ඉඩ තිබුනා. මුදලාලිගේ වරුනේ ඉතිං කාංතිගේ දෙමාපියො නොකියා කෝමද? මගුලට උපාලි පියැට්කාරෙක දුංනෙත් මුදලාලි.

එයිං සුමානෙකට විතර පස්සේ ලොක්කා ආයෙත් කොල්ලො නඩේට කොටුවුනා. උං දැක්ක විතරයි සමහර කරුනු කාරනා නිසාවෙං ලොක්කට ඇතිවුනේ පුදුම තරහක්. “කාංතිව කැංදං එංට කලිං මුං මට කීවේ කොයිතරම්නං මුසාවක්ද” කියලා හිත හිතා ලොක්කා ආයෙත් තනියම කිපෙංට ගත්තා. ලොක්කා දැක්ක ගමං පත්මේ කියවංට ගත්තා,

‘ආ.........ලොක්කා කෝමද එදා අපි කීවේ බොරුද? ’

විවා ජීවිතේ ගැන එදා රාත්තිරියේ සිද්ද වෙච්ච දේවල් ගැන ලොක්කත් දැං යමක්කමක් දංනවා. ඒ නිසාම ලොක්කා කියනවා,

‘අනේ පලයල්ලා බං යංට හිතුවද මං තොපේ මුසාවංට රැවටිලා කියලා; තොපි කීවේ බොරුනේ’

කිව්වාම පත්මේ අහනවා 'අපි මොනවද තොට කීව බොරු' කියලා.

තමංගේ හිතේ තියෙන ලජ්ජාවයි, කෝපයයි නිවාගංට ලොක්කා මෙහෙම කීවා,

‘පත්මේ උඹ කිවුවා එදා රෑ කාංති කෑ ගහංට ගනී කියලා. කෝ කාංති කෑ ගැහැව්වද?....ඒක  බොරුනේ......එතකොට අමරයා කීවා, පළවෙනි දවසෙ රෑ, කාංතිගේ තුවාලයක් වෙලා ලේ යංට ගංනවා කියලා . කෝ එහෙම වුනාද?...........ඒකත් බොරුනේ............’

තමනුත් දැං බෝම දැනුං තේරුං තියෙන මිනිහෙක් වග කියංට  ලොක්කා එහෙම කීවාම  නඩේ උං නිස්සද්ද වෙලා මුනෙං මූන බලා ගත්තා.