Wednesday, September 15, 2010

සුරාගේ කෙල්ලගේ විභාග ප්‍රතිඵල

සුරා ගුරුන්නාංසෙටත් තහුතෙට නැංග තැං අනංතයි අප්පරපමානයි. ඉතිං ඒවත් කීවේ නැත්තං මේ ගම්මුංගේ චරිත වහං කොලා වෙනවා. හැබැයි උංදැ ඇගෙව්වා ‘බොලව් මගේ හීමාව පැංනා,  දැං ඇති නවත්තපංලා’ කියලා. ඒකටත් බෝම තැනට ගැලපෙන විදිහට හරබර රහබර වචන ටිකක් තමයි වහල් කොරගත්තේ ඕං.

අපේ ගුරුනාංසේ ඔන්න දවසක් කඩ මංඩියට ගියා. මේ කාලේ වෙද්දී ගුරුංනාංසේ ගමනක් ගියොත් යංනෙ තුං හතර පාරට. ඒ මොකද දැං ඇගේ පතේ හයි හක්තිය පිරිහෙන කාලේ. තුං හතරපොලක ඇණ තියං හති ඇරලා තමයි ගාටංනේ. රෝගෙකට හෙම නෙවෙයි වයසට. ඉතිං මෙහෙම කඩ මංඩියට ගිය සුරා “ගංහතේ කඩෙං” කහට කෝප්පයක් බීලා දොර ලෑලි ටික හේත්තු කොරලා තියෙන තැනිං පාර පැත්ත බලාන ඇණ තියා ගත්තා.
ඔංන මේ වෙද්දි ඉස්කෝලේ කොල්ලො කෙල්ලෝ අවේලාවේ පාරේ එහෙට මෙහෙට ඇදෙනවා. ඉතිං ඔය රටේමුල්ල, ඇතුල්ගම, කිරිමැටිය, මොරගොල්ල, බව්ලාන, කොළඹිස්ස, මාරස්සන, පස්ගම කොහෙත් බස් එක නතර කොරන්නේ ගංහතේ කඩේ ගාව. ඉස්කෝලේ කොල්ලො කෙල්ලොත් මෙතෙංට ආපි.

පෙළක් උංගේ මූණු ඇඹුල්වෙලා, පෙළක් උංගේ මූණු මල් හතයි. ඕං දැන් මුංගේ කයිවාරුව. එකෙක් එයාට සී පහයි කියනවා. මට ඩී හයයි කියනවා. තව එකියක් අනේ! එයා පව්, ගගා කන්දොස්කිරියාව. මොනවද මේ. ඒ කාලේ මොකද මේ මෑතක් වෙනකංම විභාග සමර්ථ කොරපුවාම ඒව හදුංවව්වේ ඩී, සී, ඇස්, ඇප් කියල නෙව. එව්ව නෙව මුං මේ දොඩවංනේ. මුංගේ විභාගේ ප්‍රතිඵල.

මේ කතාව සුරාට හරිම වේදනාවක් ඕං. මොකද එහෙම වුනේ. සුරා පෝලිමට හදාපු දරුවංට අකුරු සාත්තරේ හරි හමං විදිහට නොපිහිටපු එක.

සුරා ඇණ තියං උංනේ මහ වේදනාවෙං. ‘කොච්චරනං හොදද ගිය පාරවත් පොඩි එකී විභාගෙං සමර්ථ වුනානං’ කියලා මේ ගැනයි සුරා හිත හිත උංනේ . පොඩි එකී නොදංනවා උනාට සුරා බලාපොරොත්තු තියං හිටපු ඒකිත් ඒ ගැන තකලා වැඩ සිද්ධ කර ගත්තේ නැහැ නෙව.

..............ගංහතේ මුදලාලි විතරක් නෙවෙයි සුරාල ගැන  කතා කරපු දන්න කියන උං සේ‍රම සුරාගේ ළමයි ගැන කිව්වේ අමන නෝංජල් ගානට. ගංහතේ මුදලාලිටත් ඉස්කෝල ලමයිංගේ කතාව කණ වැටිලා උංනේ.  මුදලාලි සුරා ඇණ තියං උන්නු තැනට කිට්ටු කොරලා හිටං සුරාට දැනෙංටත් එක්ක මෙහෙම කියනව.

‘මුංගේ ඇස් ඇස් සී ප්‍රතිඵල ඇවිල්ල නෙව. අහං හිටිංකො සුරා, මුං ඒ ගැනයි ඔය කතාව’

දරුවංට වැරදුන එකට සුරාට දුකයි. තරහයි. ඒත් උං දරුකමෙං උපංනු ලෙංගතුකමෙං අයිං කොරංටද? “තුවාලේ ඇති එකාට නෙව ඒකෙ වේදනාව” පිට උංට කොහෙද ඒවා තේරෙංනේ. සුරාට නෑහෙන දෙයක් අහංට කියලා මුදලාලි කියනවා නෙවෙ නොවැ. මුදලාලිට ඕනේ සුරාව රිදවංට. මුදලාලි දිගිං දිගටම කියෝගෙන යනවා.


‘ගුරුංනාංසේගේ අර බාල කෙළී, එකීගෙ විභාගෙ ප්‍රතිඵළ කොහොමද බං හැබෑටම’

මුංදෑ මේක අහංනේ නොදංනා කමකට හෙම නොවන වගත් මගේ හිත පාරංට වගත් සුරා තේරුං ගත්තා.සමහරුංගේ හිත තැලෙන දේවල් කියලා සතුටු වෙන සොබාවයක් සමහරුංගේ තියෙනවා . මුදලාලිත් එහෙව් එකෙක්. මුදලාලිගේ පුරස්නේ නෑහුන ගානට සුරා ඉංනවා. මුදලාලි ආයේ ආයෙත් ඒකම අහනවා. සුරාට මේක මහ වදයක් වුනා.  සුරාට නහුතෙට නැංග. දැං මුදලාලි ආයෙත් ඒ පුරස්නේ අහනවා ඕං.

ඉතිං සුරා ගුරුංනාංසෙත්  උත්තර දෙන්නයි ලක ලෑස්තිය.

‘ඒකි‍ට “සී” තුනයි “ඩී” හතරයි නෙව මුදලාලි’ කියපි

මුදලාලි ‘මේ කඩප්පුලියා කියන බොරු. වළ පයයි ගොඩපයයි තියාන’ කියලා හිතලා හිටං

‘ඒ මොනවටද ගුරුංනාංසේ ’ කියල අහපි.

සුරා සීරුවට උත්තර දුංනා බෝම අහිංසකව මෙංන මෙහෙම.

‘ඕකි අපේ මායියගේ බඩ පිස්සී, දැං හොද ළමස්සී, මං ඕකිට කියංනේ වැස්සී එතකොට සී තුනයි.ඒකිගේ ඔලුවේ තඩී ඉංනවා නෙව, අපේ මායියා එවුං හොයද්දී ඕකිට කියංනේ අඩී කියලා, ඕකිට අනෙක් උං කියන්නේ පොඩී කියල නෙව මුදලාලී. එතකොට ඩී තුනයි’


කියලා කීව සුරා ඇණ තියං උන්නු තැනිං කොන්දටත් අත තියලා හිටං, හිටගත්තා. අර ඉස්කෝලේ කොල්ලො කෙල්ලංටත් මේක ඇහුනා. මූණු එල්ලං හිටිය උනුත් මේක ඇහිලා හිනා වුනා. බෝම අහිංසකව එහෙම කියලා නැගිට්ට සුරාගෙං මුදලාලි අහනව,

‘එතකොට සුරා ගුරුංනාංසේ අනෙත් ඩී එක’ කියලා.

දැං ඉතිං මුගෙ කට වහංට ඕනෙ වෙලාව කියලා සුරා හිතුවා.

‘අනෙක් එකද මුදලාලි’  කියලා අහල හෙම, අත් දෙකත් පස්සට බැදං; පිං වපරෙ අස්සෙං මුදලාලි දිහා බලලා; මුදලාලිගේ කනට බෝම කිට්ටු උනා. අර මද්දුවාට ලොක්කා ගැන කිව්වේ එදා වගෙ (ඇත්තමයි බොළව් මේකනං මුදලාලිට විතරමයි ඇහුනේ.) ඊට පස්සෙං පහු මෙන්න මෙහෙම කියලා සුරා එතනිං යංට ගියා.

‘ඇයි මුදලාලි, ඒකිට පිඩියකුත් තියනවනේ. එතකොට ඩී හතරයි’

මේක අහලා හීං දාඩිය දාපු මුදලාලි කඩේ ඇතුළට ගියා. හිතේ අමාරුවටම  නහුතෙට නැංග හිංදාම වුනත් මේක සුරා කිව්වේ වෙන කාටවත්ම නෑහෙංට. ‍බොහෝම සංවරව. සුරා කිව්වේ මොකක්ද කියලා එතන හිටපු ඉස්කෝලේ කොල්ලො කෙල්ලොවත් තවම දංනේ නෑ ඕං.

7 comments:

Unknown said...

පිඩීය කියන්නෙ මොකක්ද ??

Unknown said...

මේ word verification අයින් කරන්න පුළුවන්ද. comments දාන උන්දලට කරදරයි ඒක

පුතා said...

මකරා නුවර පැත්තේ නේද... පිඩිය දන්නේ නෑ එහෙනම් ඈ... මං අහලා තියෙන විදිහට පිඩියෙන්ලු නොව ඔය අතිරේක වාත එහෙම පිටවෙන්නේ... එහෙම නේද ගැමියා උන්නැහේ...

Unknown said...

මම නුවර එළිය පැත්තෙ. පිඩිය කියන වචනෙ ඇහුවමයි ඔය

charmi said...

නියමයි විකී. මං හරි කැමැත්තෙන් ඔයාගෙ කතා ටික කියවාගෙන යන්නෙ.
(බ්ලොග් එකේ තීම් එකට නොගියට මොකද 'උන්දැගේ' පොටෝ ටිකත් මරු)

(වර්ඩ් වෙරිෆිකේෂන් නං ඇනයක් තමා. දැං බ්ලොගර් වල ඔටෝ ස්පෑම් ෆිල්ටරින් තියෙන නිසා මේක අයින් කරමුද?)

විකී said...

සියළු දෙනාටම බොහෝම ස්තූතියි මට දෙන රටක් වටින සහයෝගෙට. ඔන්න word verification අයිං කළා.අර නොදංන වචනේ ගැන වෙනම ලිපියක් දැම්මා. charmi වැලෑන කියන වචනේ ගැන කලිං මගෙන් අහලා තිබුණා. මම දන්න විදිහට උත්තරයකුත් දුංනා.මේක ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ තියෙනවා තෙත තැනිබිම, ගග අසබඩ පැලැස්ස, ගං ඉවුර, කුඩා කැලෑ රොදින් ගැවසීගත් බිම, වැල් සහිත කැලෑව, වලාන කියන තේරුම් සමග අපේ ගම්මු භාවිතා කරනවා ඔය වැලෑන විදිහට.

hithuwakkaraya said...

සී සහ ඩී ගිනියම

හිකි හිකිස් ගාන කෙල්ලන්ට
උන් පස්සෙ යන කොල්ලන්ට
ඒ විතරක්ද කොල්ලන් දිහා බල බල
උන් අවදි කරවන ද`ගකාර කෙල්ලන්ට
පිහිටවන අතිරේක පන්තිය

ඉස්කෝලෙ උගන්නනවා මදි
පන්තියේ කියා දෙනවා හො`දට
ඒ විතරක් ද මගේ යාලුවෙත් යනවා
කියා ගෙදරට - ඇවිටිල්ලකින් පසු
උදා කරගන්නා අපේ අතිරේක පන්තිය

ටියුට් විතරක් ද - නැහැ තවත් පොත් එහෙම විකිණෙන
අපි විතරක් ද - අපේ ගුරුතුමාණෝ ද සැනහෙන
එක ම තැන කට වෙලා කච කච මැද
පුංචියට හිත රිදෙන කවි ලියා අතිනත යවන
අන්තිම දවසෙ සාදයක් දා සැනසෙන

ඒ වසන්තයට පසු විභාගය ඇවිදින්ය
හිත දලු දැම්මාට විතරක් ලකුණු නොලැබෙන
අහිංසක විදියට හොරෙන් බලලා සමුගන්න
විභාගය ඉවර වී හීන අතරෙ සැරිසරන
හැම මොහොතකම හිත දවන සී සහ ඩී ගිනියම

- හිතුවක්කාරයා විසිනි