Sunday, November 28, 2010

සමාජ ආස්සරෙං උත්තර දීම.

සුරා ගුරුංනාංසේගේ බාල කොල්ලව අදුංනව්වේ “ බාලේ ” කියලා හිටං. සුරාගේ ලොකු පුතා “ ලොක්කා ” ගැන හෙම හැමෝම දංනවනේ නෙවෙද? මුං ගැන කතා සුරාට එහා එමටයි. ඉතිං මේ කයි කතංදර කියල ඉවර කොරන එක, එක රැයිං කොරංට බෑ. විඩෙං විඩේට හෙමි හෙමීට කියංනං. හැබැයි මේ කයි කතංදර එකාගෙං එකාට වෙනස්. එකම පවුලේ උං වුනාට උංගේ හිතුවිලිත් එක්කයි, වයස දැනුං තේරුංකං එක්කයි මේවා වෙනස් වෙනවා.
සුරාගේ පවුලේ බාලයා වෙච්චි බාලේ, “බාලයා මෝඩයා” කියංනැහේ තමංට නොගැලපෙන කාංඩේ ආස්සරේ කොරලා පාඩං ඉගෙනගෙන හැදුන එකෙක්. දැං මූ පිළිවෙලකට ඉංන වැඩිහිටියෙක්. මුංගේ ලොකු අයියා වෙච්ච ලොක්කාව ගොනාට අංදන “ අමරෙ, පත්මේ ” උංව තමයි මේකා ‍බාලයා වුනාට ආස්සරේ කො‍රව්වේ. උං කියාපු, කයි කතංදර බෝම ඇත්ත සත්ත දේවල් කියලා හිටං බාලේ ඉහ මුදුනිං විස්වහ කොරා නොදංනාකමට. ඉතිං මේ බාලේ තාම ඉස්කොලේ හයේ හතේ විතර උංනු කාලේ. බාලේ ලෝකේ රට තේරුං ගංට උත්සහ කොරව්වේ අමරෙගේ පද්මෙගේ කයි කතංදරවල තිබුන දේවල්වලිං. කොටිංම කියනවනං බාලෙගෙ ලෝකේ වීරයො වෙලා හිටියේ උං.
මේ කාලේ ඉස්කෝලේ උංනු, “ලොකු ඉස්කෝලේ මහත්තයා” ඉස්කෝලේ කොල්ලො කෙල්ලංට පුදුම ‍සෙනෙහසක් තමයි තිව්නේ. ලොකු ඉස්කෝලේ මහත්තයා මේ හංදම පංතියකට ගොඩ උනොත් කොරංනෙම සාරදර්ම ගැන කියෝන එක. උංදෑ ඉස්කෝලේ වත්තෙ ගහකොල ගැනත් බෝම උනන්දුවෙං හොයලා බැලුවා. ඉස්කොලේ වත්ත පුරා පොල් ගස් පාලොහක් විස්සක් විතර තිව්නා. මේවයේ පොල් කැඩුවේ කිරා.  කිරාට බැළගෙඩිය දෙන ගමං ඉස්කෝලේ මහත්තයා කීවෙම,
‘අනේ කිරො තව සති දෙක තුනකිං නෙවරදීම වර. මට බයේ බෑ බං මේ පොල් ගෙඩියක් ඉස්කෝලේ කොලුඅංකුට්‍ටංගේ මත්තේවත් වැටෙයි කියලා බං.’
උංදා එහෙමයි ඉස්කොලේ වත්තෙ පොල් ටික කැඩුවෙත්, කොල්ලො කෙල්ලංට හියෙන සෙනෙහස හිංදා ඕං.
ඉතිං ලොකු ඉස්කෝලේ මහත්තයා බාලේලාගේ පංතියට හදිසියේ ගොඩවෙලා හිටං සාරදරුම ගැන පාඩම කොරනවා. මෙදා කොරව්වේ “දෙමාපියංගේ දරුවංට තියෙන දයාව කරුණාව සෙනෙහස ගැන”. දෙමාපියො දරුවො හදංට, නොවිදිනා දුකක් නෑ නෙව. ඉතිං අපේ ඉස්කොලේ මහත්තැං මේ ගැන තමයි කතාව. බාලෙත් මේක බෝම අවදානෙං අහං උංනා.
ඉතිං අර මුලිං කියාපු අමරෙලාගේ පත්මෙලාගේ රංචුවට වැටිලා බාලේ උංනු වෙලාවක, උං දෙමාපියො ගැන දවසක් කියාපු සමහර දේවල් එක්ක ලොකු ඉස්කෝලේ මහත්තැං කියාපු දෙවල් එකයි. මුලිං කිව්වා නෙව  උංගෙ කයි කතංදර බාලේ බෝම ඇත්ත සත්ත දේවල් කියලා හිටං ඉහ මුදුනිං විස්වහ කොරාපු විත්තියත්.
ඉතිං තම තමංගෙ දෙමාපියො හේනෙ කුඹුරේ ගොඩ මඩ දවල් රෑ නැතුව දරුවො ගැන මහංසිවෙන බව මේ පුංචි උංගේ හිත්වලට රිංගවංට, අහපු දැකපු, දංන කියන දේවලුත් උපහැරනෙට අරං උත්තර දෙංටැයි කියලා හිටං
“හා එහෙනං තමා කියමු බලංට දංන කියන දේවල් සමාජ ආස්සරෙං උපහැරන එක්ක”  
කියලා ලොකු ඉස්කෝලේ මහත්තැං,  මේ කොල්ලො කුරුට්ටො එක එකාගෙං පුරස්න අහනවා. පොඩි උනුත් බෝම සුරුහුමට උත්තර දෙනවා ඕං.
ඔංන දැං ලොකු ඉස්කොලේ මහත්තයා ඇඟිල්ල දික්කොරා බාලෙට, මෙංන මෙහෙම කියලා.
‘හා හොදයි ‍එහෙමනං තමා කියමු; දංන කියන, අහපු දැකපු දේවල් එක්ක දරුවො හදංට අම්ම අප්ප මහංසි වෙංනෙ කොහොමද කියලා, ඒ කියංනේ සමාජ ආස්සරෙං උපහැරන එක්ක’
මුල ඉදංම කිව්වා නෙව බාලේ හැමදේම බලව්වේ අර ගමේ මුගේ වීරයංගේ කයි කතංදර එක්ක විත්තිය. ඉදං උංනු පුටුවෙං නැගිටින ගමං මූට මතක් වුනා ඉස්කෝලේ මහත්තයා දෙමාපියො හේනෙ කුඹුරෙ මහංසිවෙලා දරුවො හදංට මහංසිවෙන විදිය පැහැදිලි කොරාපු හැටි. ඒවා කියලා වැඩක් නෑ නෙව. ලොකු ඉස්කෝලේ මහත්තයා අහංනේ, අහපු දැකපු වෙනත් දේවල් නෙව. ඉතිං දවසක් අමරයා පත්මයාලා කයියට වැටුන තැනක, කට කොට්ටං අයාන බලාගෙන හිටං බාලේ ඉද්දි උංගෙ කතාවෙං කියවුනු දරුවෝ හදංට දෙමාපියෝ මහංසිවෙන විදිහ  මෙතැනදී කියවුවෝතිං අගේට තියෙයි කියලා හිටං, මේ පුංචි එකා ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුරස්නෙට හොඳ හුස්මක් අල්ලලා හිටං මෙංන මේම උත්තර දුංනා.
‘උංදැලා මහංසි වෙංනෙ........... ඇගේ නූල් පොටක්වත් නැතුව’
(ආයිබොවං, තරහ ගංට දෙයක් නෙවෙයි, දෙමව්පියො තමංගේ දරුවො ආස්සරේ කොරංනේ කවුද? කිංද? මංද? කොරංනේ මොනවද? කියලා අනිවාරියෙංම හොයලා බලංට ඕනෑමයි)

5 comments:

sameerausa said...

අප්පා...කාලා හමාරයි නොවැ එහම කිව්වම.. ඕකව කැලෑසියෙන් එලියට දැංමේ නැතුවම මදෑ ඔය කියාපුදේට

පුතා said...

ගැමියා උන්නැහෙගෙ උපදෙසේනම් මසුරං වටිනවා ඕං... හරියාකාර විදිහට නොපැහී ඉදවන අඹ ගෙඩියත් පණුවෝ ගහන්ට බලනවලුනේ බොහොම ඉක්මනට...

sithuwilimandiya said...

මේ පෝරිසාදයා ඔය ආස්සරෙන්ම ලොකු මහත් උනානම් හෙම ගිනි විනම්බෑසීයයි වෙන්නේ රටේ ලෝකෙට.

Charmi said...

අහංට දෙයක් නෑ ඉතිං. සුරාගෙ කොල්ලනේ.

විකී said...

සමීර - කොල්ලට කෑම ටිකනම් හම්බවුනා විතරක්නෙවේ පහුවදා සුරාටත් ඉස්කෝලෙ යංට වුනා./

පුතා - අනිවාරියෙංම/

සිම - අපරාදේ කියංට බෑ මූ පුදුම විදිහට වෙනස් වුනා. ඒවා තේරෙයි දිගටම කියවද්දිං. (හැබැයි මම දිගටම ලිව්වොතිං)/

චාර්මි - බාලේ දැංනං තැනේ හැටියට ඇණේ ගහංනේ.සුරාම තමයි.