Thursday, December 2, 2010

සිරිල් මහත්‍තයකුවෙයි. තිලකේ නිකමකුවෙයි.

තිලකයාගේ ‍කොලුවට මේ දවස්වල ඉස්පාසුවක් නෑ ඉස්කෝලේ වැඩ. අහවල් එකක් නෙවෙයි ඌට දෙසැම්බරේ  ඕ ලැවල් විබාගේ හංදා. ඒකා උංගේ අප්ප, ඒ කිවුවේ ති‍ලකයා ඒ කාලේ වගේම තමයි ඉගෙන ගංට රුසියා. මං දංනවා තිලකයා උගෙ පුතාට වරදිංට ඉඩක්නං නොතබන විත්තිය ඕං.
තිලකයයි සිරිල් මහත්තෙයයි දෙංනා ඇස්ඇස්සී කොරලා හිටං  ඇච්ඇස්සී විබාගේ කොරෙත් එකට. සිරිල් මහත්තයා විස්ස විද්දියාලෙත් ගොහිං දැං  කොළොංපුරේ රවුං උහ බිල්ඩිමක වීදුරු කාමරේක ඉංන ලොක්කෙක්. ඇස්ඇස්සී විබාගේ සාමාර්තේ බලපුවාම සිරිල් මහත්තැංට වැඩියෙං වැඩියි තිලකයාගේ සාමාර්තේ ආයිබොවං. ඇච්ඇස්සී විභාගෙං  සිරිල් මහත්තැං විස්ස විද්‍යාලෙට ගියා වුනත් තිලකෙයාට හරියටම ලකුණු හතරක් මදිවෙලා හේනේ කුඹුරෙ දාඩිය වගුරංට වෙන තැනට වැඩ සිද්ද වුනා.
ඉස්සර ඇච්ඇස්සී පංතියේ ඉංදැද්දිං තිලකයා ළග පොතක් තිවුනා ආයිබොවං ඇස්ඇස්සී විභාගේ ලියද්දිං හොරෙං ගෙදර ගෙනාපු ආණ්ඩුවේ විභාග කරදහිවලිං තනාපු. ආර්තික විද්දියාව පොත විදිහට තමයි ඕං ඌ ඒකෙං ප්‍රයෝජං ගත්තේ.  විභාගේ ලියංට දීපූ  ආණ්ඩුවේ කරදහි  විභාග සාලාවෙ උංනු මහත්තුරුංට හො‍රා බඩ ඇතුලේ හංගං ගෙනත් තනාපු මේ පොත මහා විස්ම කර්ම නිර්මානයක් හැටියට තමයි පංතියේ එකාලා කෝකත් සැලකුවේ. මේක තිලකයාත් බෝම තට්ටක් විදිහට තමයි සැලකුවේ. ඇච්ඇස්සී පංතියේදිං සිරිල් මහත්තයටත් වැඩියෙං දස්සයා උනෙත් තිලකෙයා. ලොකු ඉස්කෝලේ මහත්තයත් කීවේ “තිලකසිරි නවතිංනෙ විස්ව විද්දියාලෙම තමයි” කියල හිටං.
ඔහොමිං ඔහොම කාලෙ ගතවෙලා  කොහොමිං කොහොම හරි විබාගෙ ලියංට දින වකවානුත් ආවයි කියමුකෝ. දැං ඉතිං හැමෝම බෝම උනංදුවෙං විබාගේ ලියනවා. මේ අතරෙ තිලකයා සුරුවමට විබාගෙ ලිව්වට මොකෑ අර පරණ පුරුද්ද ඒ කිව්වේ විභාග කරදහි හොරාට ගෙදර ගේන එකත් බෝම සුරුවමට කොරනවා. ඇස් වහක් කටවහක් නෑ තිලකයා අගේට විබාගෙට උත්තර ටික ලීව බව ඌට වාගෙම ඉස්කෝලේ හැමෝටම විස්වාසයි. මේ වෙද්දි විබාගෙ ඉවරයි.
දැං ඉතිං කාංසියෙං ගෙදර ඉංන ගමං තිලකයාට හිතිලා මෙදා පාර සාලාවෙ මහත්තුරුංට හොරෙං ගෙනාපු විබාග කොලවලිනුත් පොතක් හදංට. මෙදා කොළ මිටිය බලපුවාම ගිය පාරට වැඩිය ලොකු පොතක් තනංට පුලුවං වග තිලකයාට තේරුං ගියා. හිතට ආවේ පුදුම සතුටක් ඕං. අනාගතේ විස්ස විද්දියාලෙදිං  පාඩං ලියාගංට යස පොතක් තනාගංට පුලුවං නෙව. ඒක පුදුම සතුටුවෙංට නිමිත්තක් නෙව.
ඉතිං ඕං මේ හීන ලෝකේ ඉදං තිලකයා පොත තනංට ගත්තා. ඒ හීන ලෝකේ බිදිලා තිලකයාට ඉහ මොළ රත් වෙලා හීං දාඩිය දාංට මහ ලොකු වෙලාවක් ගියේ නෑ ආයිබොවං. අර මොකද? අවුරුදු දෙකක් තිස්සේ මහංසිවෙලා, බෝම අගේට පාඩං තියාගෙන, ඇච්ඇස්සී විබාගේදි ආර්තික විද්‍යාව පුරස්නවලට ලියාපු, උත්තර කොල ටිකකුත් තිලකයා ගෙදර ගෙනත් නෙවැ අර හොර කරදහි එක්කං බඩ ඇතුලේ හංගාගෙන. එතනිං එහා උගේ ඔලුවට ආව ඒව අකුරු කොරංට මට ඥානයක් නෑ බොලව්.
මාස ගානකිං විභාගේ සමර්තකං ආවා. සිරිල් වනිගරත්න උඩිංම ඇච්ඇස්සී සමත්. මාවිල්මඩගෙදර තිලකසිරිට විස්ස විද්දියාලෙට යංට ලකුණු හතරක් මදි. ඒ වුනත් ඊළග පාර විබාගෙ සමර්ත වෙංට හිත දැඩි කොරං ලක ලෑස්තිවුන තිලකයාට ඒකට සොබාදර්මේ ඉඩ දුංනේ නෑ. ආයුබොවංට සමහර කරුණු කාරණාවලදිං සොබාව දර්මයා දෙපාරක් ඉඩ දෙංනේ නෑ . ටික දොහකිංම උගෙ අප්ප වළපල්ලට ගියා. පවුලේ බර කරට ගංට මහ පොළොව එක්ක ඔට්ටු ‍වෙංට ඌට සිද්ද වුනා.   
එකම ගමේ එකම පංතියේ එකට ඉදං අකුරු කොරාපු යාලුවො දෙංනගෙං සිරිල්, සිරිල් මහත්තයා වෙලා කොළොංපුරේ රවුං බිල්ඩිමක වීදුරු කාමරේක ඉදං සිරිලංකාවටම අණ පතුරනකොට ඒත් එක්කම කරට කර උංනු තිලකසිරි දැං ගමේ නිකංම නිකං තිලකෙයා වෙලා   මහ පොළොවත් එක්කං ඔට්ටුවෙනවා ආයුබොවං. 
ඇයි තිලකයාට මෙහෙම වුනේ. ඒක ටක්කෙටම පැහැදිලි කොරලා කියංට මට තේරෙංනේ නෑ ආයිබොවං. 

7 comments:

SL said...

"කොරනවනං දෙයක් පිරිසිදු හිතෙං විතර"

charmi said...

Nice comment!!

sameerausa said...

තිලකෙයා එයින් පස්සේවත් පොඩි හොරකමක් වත් කොරන්ඩ නැතුව ඇති ආයිබෝවං. ඕව්වත් හිටං සොබාදර්මේ දෙන දඬුවම් තමා ආයිබොවං.

පිස්සා පලාමල්ල said...

ඔව්වා ඔහොම තමයි අයුබොවන්... ලබා උපන් හැටි නොවැ

sithuwilimandiya said...

පස්සෙන් පහු තිලකයාට ඔය මොකවත් ලියන කියන රස්සාවකටවත් යන්න බැරිඋනැයි?

``` Outsider``` said...

විහිඵවටවත් නොකරන් හොරකම් කියන්නෙ ඒකනෙ...

අනුෂ්ක තිලකරත්න said...

ඔය මොන මොන කයි කතන්දර කියවල මට හිනා ගෙහුන් ඉස්පොල්ලෙ ගියත් ඕං මේ කතාවට නම් හිනා ගියේ නෑ ඕන්න.....තිලකය ගැන හදවත දුක් ගැහුනා මිසක්....