Sunday, November 7, 2010

හා පැටියා මංදෙං රිංගංනැහේ

කාංති කැංදං ඇවිත් අවුරුදු හතරක්ම ‍ගෙවුනත් තවම දරුවෙක් මල්ලෙක් නැති එක ලොක්කට බෝම තදේට දැනුනා.  අමරයගේ, පද්මෙගේ දරුවෝ මේ වෙද්දිං   ඉස්කොලෙත් යනව.
එක දවසක් පංසලේ ඉරිද ඉස්කොලේ තිව්න උස්සවේකදී හාතියල්වෙලේ උංන ලොක්කට ඇහුනා විපස්සී හාමුදුරුවෝ වත්තු සූත්තරේ පැහැදිලි කොරා.
කිංසු වත්තු මනුස්සානං පුත්තා වත්තු මනුස්සානං කියලා හිටං. මිනිසුංට වස්තුව වෙංනේ දරුවෝ වග තමයි ඒකෙං පැහැදිලි කොරේ.
මෙච්චර කල් ගතවෙලත් ලොක්කට දරුවො නැති එක කාංතිගේ දෝසයක් විදිහට තමයි ගම්මු සැලකුවේ.  දරුවො නැති ගෑනුංට ගම්මු කීවේ ව ගෑනුයි කියල හිටං. ඉස්සර කාලෙනං රජවරුංට හෙම දරුවෝ දෙන්ටැයි කියලා ඔය සංදේස පවා ලීවලුනෙව. ලොක්කා ඉතිං මොනවා රචනා‍ කොරංටද දෙයියංට තමයි හීල්ලුවේ ආස දිහාව බලාන. ලොක්කගෙ නඩේ උං මේ ගැනත් උගෙං ඇහුවා.
බං මොකදෑ උඹලට තවම පට්ටි හිටිංනේ නෑද?  කියලා.
ගම්මු පට්ටි හිටිනවා කීවේ දරුවෙක් පිළිසිදගංනවා කියන අරුතෙං. එහෙම වෙලා නැතිවෙන එකටම තමයි ගබ්සාවෙනවයි කීවෙත්. කාංතිට තිව්නෙත් මෙංන මේ ලෙඩේ. අමරයාලාගෙ පද්මයාලගෙ බාසාවෙං කියනවනං හෙම,
කොරව්වට හිටිංනේ නෑ.
කාංති ලොක්කත් එක්ක අටව ගත්ත ගෙදෙට්ට වෙලා දවල් කාලේ ගතකොරේ බෝම තනියෙං, අමාරුවෙං. මේක දැකලා බේකරියේ මුදලාලිටත් බෝම හිතේ අමාරුව. බේකරියේ මුදලාලිටත් දරුවො හිටියේ නෑ. ඉතිං මුල ඉදලම කාංතිට මුදලාලිගේ තිබුනේ පුදුම සෙනේහයක්. මතකනේ කාංතිගේ මගුලටත් උදව් කොරා. හැමදේම දීලා. ඒක අමතකනං මෙතැන ඔබංටකෝ. දැං මතකයි නෙවෙද?
ඉතිං බොලව්  මුදලාලි හදිසි වැඩක් තිබ්බොත් හෙම කාංතිව ගෙන්න ගංනවා බේකරියට. දරුවෙක් මල්ලෙක් ඉංන ගෑනියෙක් යෑ. ඉතිං පස්සෙං පහු මුදලාලියා කාංතිව බේකරියේ වැඩටම එක්කහුකොර ගත්තා. මෙතැං ඉදලා ඉතිං  අමරයාලාගෙ  බාසාවෙං කියනවනං හෙම,
මල කෙලියයි, කෙළ තලියයි.” 
ලොක්කට මේවයේ ගානක් නෑ. ඒක නෝංජලයා නෙව. ලොක්ක තමයි කුකුළා කරේ තියං හුලු අත්තත් අවුලං කාංතිව බේකරියට ඇරලලා එංනේ. එතකොට ගමේ උං කතා වෙනවා,
“අංන අඹුව දං දෙංට යනව”
කියලා.  හවහ රෑ උනොත් ඒකි එක්කං එංටත් යනවා. එතකොට ගමේ උං කතාවෙනවා,
“අංන දංසැල ඉවර කොරලා එනවා” කියලා හිටං. කාංතිගේ මනාපේ ගංට ඒකාලේ ආව පිරිමි අතෑරලා ලොක්කවම තෝර ගත්ත හේතුව ගමේ උං මේ වෙද්දිං ටක්කෙටම අදුරං හමාරයි. මේ විදිහට මොනව  සිද්ද වුනත් ලොක්කගේ තිබුනේ දරු හුරතල් බලන හීනේ.  
මුගේ අර නඩේ උං ලොක්කගෙං අහනවා,
‘ලොක්කා තවම  කොරව්වට හිටිංනේ නෑද?
කියලා. ලොක්ක කියනවා බෝම සංවේගෙං
ඔහේ නෑ බොලව් හා පැටියා මංදෙං රිංගං යන්නැහේ ගලවං යනවා නෙව කියලා.
පව් අහිංසකයා දැංනං නඩේ උංටත් මේ ගැන විස්සොපයි. මේ හිංදම කාංති ගෙදර ඉංට තියෙන අපාසුව මකා ගංට බේකරියේ වැඩට යන විදිහට ගමේ උං හිනාන ඉංන වගක් එක්ක; මේකට හරියන බේතක් කොරාගංට සල්ලිය බාගෙත් ලොක්කලා ලඟ ඇති නේද? කියන වගක් අගවංට කියලා හිතාන අමරයා ඒ කතාවේ අගට මෙහෙම ඇහුවා,
ලොක්කා  දැං කාංති බේකරියේ වැඩටත් යනවා නේද? මුදලාලිත් උදව් කොරනවා නේද උඹලට?
ඒකට උත්තරේ විදිහට ලොක්කා කීව හතර බීරි කතාවට නඩේ උංට එලොව පොල් පෙනුනා, මෙංන මේකයි ලොක්කා කීවේ,
ඒ ගියාට වැඩකුත් නෑ බං, එහෙදිත් හා පැටියා මංදෙං රිංගං යන්නැහේ දෙසරයක්ම ගලවං ගොහිං නෙව.

9 comments:

මාරයාගේ හෝරාව said...

මදැයි කොළා...

Anonymous said...

උපරිමයි!!

sithuwilimandiya said...

හපොයි,කාලා ව‍රෙන්කෝ.

පුතා said...

එක පාරටම හිනා ගියාට මේක හිනායන කතාවක් නෙවෙයිද කියලත් හිතෙනවා...

අනුෂ්ක තිලකරත්න said...

ඔය කෙලියේ.....

Hasitha said...

ඔය දැම්මේ...................

විකී said...

හැමෝටම ස්තූතියි, පුතා හිතන විදිහ හරි. මේ කතාවේ ඊට එහා ගිය මානුෂික පැත්තක් තියෙනවා.

charmi said...

ඇත්ත. මේක හරි මානුෂිකයි.

කොමියා said...

ඔය කරේ හරියටම...හපොයි ලොක්කෝ.. කතාව මානුශීයයි ඒ උනාට ලොක්කාට වෙලා තියෙන දේ නම් අමානුශීයයි