Thursday, October 28, 2010

තොපි කීවේ බොරුනේ


කැතිගානාකදුර ගමෙං තමයි සුරා ගුරුංනාංසේ ලමසාව දීග ගෙනාවේ. ඒ කතාව අමතකනං මෙතෙංට අනිංටකෝ. දැං මතකයි නෙවෙද? මේ කැතිගානකදුරෙ හිටියා “කාංති” කියල හුරු බුහුටි කෙලි පැටික්කියක්. උංගෙ අම්මත් තවම ඒ වගේම හැඩහුරුවයි. අම්මට නොයෙක් පද ගමේ උං කිව්වට කෙල්ලටනං එහෙම කතංදර ඇහුනේ  නෑ. කාංතිගේ අප්පච්චි වැඩ කලේ ඇවිල්ලා හිටං “කලු මහත්තයාගේ” බේකරියේ.  කලු මහත්තය දළ කාරයා. අනෙක් සේවකයිංට වැඩිය කාංතිලගෙ  පවුලට බෝම හිතවංතයි. කාංතිත් දැං දීග දෙන වයස. දැං යස එකියක්. මේකි ගෙනියංට ඕන එකෙක් වහ වැටෙනව. ඒත් කොයිතරංනං   වත්පෝසත්කං තියෙන, පිරිමි මේ ඔත්තුව දැනං කාංතිගෙං බහ ගංට ආවත් මොන එකක් හිංදා ද මංදා ඒකි නෙවේ ඒ එකෙකුටවත් කැමති වුනේ. කාංතිගේ අප්පා කිව්වේ,


‘හෙනං තී ඒරොප්පෙං එනකං හිටු’ කියලා.

ලොක්කා සුරාගේ ලොකු කොල්ලා. සුරාගේ දරුවෝ ගැන අමතකනං මෙතන තද කොරංටකෝ. දැං මතකයි නෙවෙද? ලොක්කා නෝංජලයා. මේකා කොරව්වේ මී හරක් ආංබාං කොරන එක. හීයකට කුඹුරකට හරි කමතක ගොයං කොලේකට හරි  ඔට්ටුවුනාම මුගේ කෙරුවාව නොම්බර එකයි. හීයකට කුඹුරකට බැස්සාම, ඕසේ ඇදලා හීය හානවා,

උඩි     අ......ම්.....මෝ..................ව්.......ව්.......වෝ.......ඕ....

කියලා ගමටම සිරියාවයි.

මූටත් හිටියා හරි හරියට ගමේ නඩයක්. ලොක්කගේ නෝංජල්කම හිංදාම මේකව උපහාසෙට ගංටත් එක්කලාම මේ කොයි එකත් මූට ලංවුනා.

කැතිගානාකදුරේ කාංති ගැන ඔත්තුව  සුරාලගේ ගෙදරටත් ආවා කියමුකො. පස්සෙං පහු බලෙංම වගේ. ඉතිං දවසක සුරා ගුරුංනාංසෙයි, පවුලයි, ලොක්කයි ගියේ නැතෑ කාංතිල‍ ගෙදෙට්ට.

“අහේතු කාලේන කජ්ජේන පුහුලං” කිව්වලු.

ලොක්ක දැකලා බුලත් හෙප්පුව දීලා කතා බහ කොරල හෝරාවෙං කාංති කැමති වුනේ නැතෑ මේ නෝංජලයට.  ඉතිං කොහොමිං කෙහොම හරි දැං ලොක්කට කාංතිව තීංදු වෙලා.  තව සුමානයක් විතර මේ මගුලට කල් තියෙද්දිං ලොක්ක ගමේ කොලු රෑනට වැටුනා දවසක්. කාංති වගේ යස එකියක් මේ බූරුවට බහ දීපු එක මුංටත් මහ ප්‍රහෙලිකාවක්. හෙට අනිද්දාම  කාංතිව මනමාළියක් කොරලා මේකා කැංදං එංට යන වග දැං හමෝම දංනව.  ඉතිං දැං මුං ලොක්කව වටකොරං උපදෙස් දෙංට ගත්තා. අමරයා තමයි බේරංටම බැරුව කියවංනේ. පත්මෙත් එහෙමමයි. මුංගෙං සමහරු ඒ වෙද්දිත් පවුල් පංසල් වෙලා හිටපු උං හිංදා ලොක්කත් බෝම උනංදුවෙං, කං නමං මුංගේ කතාවට ඇහුංකං දුංනා.  කාංතිව ගෙදෙට්ට කැංදං ඇවිත් ගතකොරන පලමු රාත්තිරියේ සිද්දවෙනවයි කියපු සමහර දේවල්  ඇහුවම ලොක්කට බයත් හිතුනා.

 කාංතිගෙයි ලොක්කගෙයි මංගල්ලේ චාමෙට, ජයට සිද්දවුනා. බේකරියේ මුදලාලි අපරාදේ කියංට බෑ කොරාපු උදව් පදව් නොතියෙංට එහෙම මගුලක් කන එක කාංතිට හීනයක් වෙංටත් ඉඩ තිබුනා. මුදලාලිගේ වරුනේ ඉතිං කාංතිගේ දෙමාපියො නොකියා කෝමද? මගුලට උපාලි පියැට්කාරෙක දුංනෙත් මුදලාලි.

එයිං සුමානෙකට විතර පස්සේ ලොක්කා ආයෙත් කොල්ලො නඩේට කොටුවුනා. උං දැක්ක විතරයි සමහර කරුනු කාරනා නිසාවෙං ලොක්කට ඇතිවුනේ පුදුම තරහක්. “කාංතිව කැංදං එංට කලිං මුං මට කීවේ කොයිතරම්නං මුසාවක්ද” කියලා හිත හිතා ලොක්කා ආයෙත් තනියම කිපෙංට ගත්තා. ලොක්කා දැක්ක ගමං පත්මේ කියවංට ගත්තා,

‘ආ.........ලොක්කා කෝමද එදා අපි කීවේ බොරුද? ’

විවා ජීවිතේ ගැන එදා රාත්තිරියේ සිද්ද වෙච්ච දේවල් ගැන ලොක්කත් දැං යමක්කමක් දංනවා. ඒ නිසාම ලොක්කා කියනවා,

‘අනේ පලයල්ලා බං යංට හිතුවද මං තොපේ මුසාවංට රැවටිලා කියලා; තොපි කීවේ බොරුනේ’

කිව්වාම පත්මේ අහනවා 'අපි මොනවද තොට කීව බොරු' කියලා.

තමංගේ හිතේ තියෙන ලජ්ජාවයි, කෝපයයි නිවාගංට ලොක්කා මෙහෙම කීවා,

‘පත්මේ උඹ කිවුවා එදා රෑ කාංති කෑ ගහංට ගනී කියලා. කෝ කාංති කෑ ගැහැව්වද?....ඒක  බොරුනේ......එතකොට අමරයා කීවා, පළවෙනි දවසෙ රෑ, කාංතිගේ තුවාලයක් වෙලා ලේ යංට ගංනවා කියලා . කෝ එහෙම වුනාද?...........ඒකත් බොරුනේ............’

තමනුත් දැං බෝම දැනුං තේරුං තියෙන මිනිහෙක් වග කියංට  ලොක්කා එහෙම කීවාම  නඩේ උං නිස්සද්ද වෙලා මුනෙං මූන බලා ගත්තා.


7 comments:

පුතා said...

හපොයි... ලොක්කා...

Anonymous said...

කොල්ලන්ට රජ මගුල් ඇති දැන්.

``` Outsider``` said...

නියමෙට දැනුවත් වෙලා මරු...

විකී said...

මේ වගේ දේවල් ආයේ ලියංට එපාද? මට තේරෙංනේ නෑ හැබෑවටම. තව කතංදර තියෙනවා.සැර වැඩිනං මට කියපල්ලා අප්පච්චිලා. නොලියා ඉංනං. ලියපුවත් මකලා දාංනං බොලව්.

Anonymous said...

/මේ වගේ දේවල් ආයේ ලියංට එපාද? මට තේරෙංනේ නෑ හැබෑවටම. තව කතංදර තියෙනවා.සැර වැඩිනං මට කියපල්ලා අප්පච්චිලා. නොලියා ඉංනං. ලියපුවත් මකලා දාංනං බොලව්./

අදහස් නොදැක්වුවද ඔබේ කතා කාලයක සිට කියවමි. ඉතාම හොඳ නිර්මාණශීලී ප්‍රවේශයකි. කවදා හෝ පොතකට මේ කතා ගොනු කර ගන්ට හැකි වෙතැයි සිතමි. දිගටම ලියන්න.

ඔබ අද නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නම්; ඉතිරි කතා බොහොමයක් ඉදිරිපත් කරද්දී වූ සංවරය මෙහිදී ගිලිහී ගොස් ඇත. ඕනෑ කුණුහරුපයක් කීවාට කම් නැත. නමුත් එය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් කෙළින්ම නොව සඟවා කීමේ යම් රසයක් ඇත. ඔබට ඒ හැකියාවද ශික්ෂණයද ඇතැයි සිතමි.

- Taboo

පුතා said...

\\මේ වගේ දේවල් ආයේ ලියංට එපාද? මට තේරෙංනේ නෑ හැබෑවටම. තව කතංදර තියෙනවා.සැර වැඩිනං මට කියපල්ලා අප්පච්චිලා. නොලියා ඉංනං. ලියපුවත් මකලා දාංනං බොලව්.\\
මේක දැක්කේ දැනුයි ඕං... කිව්වත් වගෙ මකලම දාල නෙව... මට නම් ඒ කතාවේ අහවල් සැරක් දැනුනේ නෑ බොලං... ආය මේක කියවන්ට අත දරුවෝ එන එකක්යැ... අනික උඹලැ ඕක ලිව්වේ හරුපයක් කියල හිතාන නොවේ කියල අපි දන්නව බොල... සුරංගේ කොලුවා ජාතියේ එවුන් තාමත් අපේ ගම්මැදිවල ඉන්නවය කියන්ට නෙව උඹට ඕනෑ උනේ ...ඇයිද... මකන එක තියන එක බොලාගෙ මනාපේ... අර තව තියෙනවාය කිව්ව නෙව... එව්වත් ඔන්න ඔහේ ලියල දාමු බලන්ට... සැර වැඩිනම් නෙවරදීම කියන්නම්....

විකී said...

sithuwilimandiya,taboo, outsider, පුතා හැමෝටම බෝම පිං දුක සැප බෙදා ගත්තට. ඔංන ලිපිය ආයෙත් දැම්මා. දැං වැඩියෙං හිනා යංනේ කාංති ගැන කියලා මම හිතංනේ. පුතා හිතපු විදිහ හරි.ඉතිරි කතාද ඉදිරියේදී දාංනම්.ඒත් මම මෙතැන දී ලොක්කට හිනාවෙන එක වැරදියි.මේ Charmi මට එවපු E mail එක බලංන,

"1 මේ කතාවෙන් එන්නෙ හාස්‍යයක් විතරයි.
2 ඒ හාස්‍යය එන්නෙ මේ චරිතයේ මෝඩකම නිසාමයි. (අපි හිනා වෙන්නෙ උගේ ‍මෝඩ කමට)
3 ඒ කියන්නෙ මේකෙ ඕපාදූපයක් කියලා හිනාවෙනවට වඩා දෙයක් නෑ.
4 ඔයාගෙ කලින් කතා වල තිබුණු සිදුවීම් වල/චරිත වල ගැඹුර මේකෙ නෑ.
හැබැයි ඕවා එකක්වත් මේක රස විඳින්න මට නම් ප්‍රශ්ණ නෙමේ. මම යෝජනා කරන්නෙ ප්ලොට් එක තෝරා ගනිද්දි ඔයා කතා කරන සමාජ පසුබිමේ යමක් ස්පර්ෂ කරන්න පුළුවන් දෙයක් ගමු කියලා.
සුරාගෙ කතා ටික ගත්තොත් මට හොඳටම දැනිච්ච දෙයක් තමා ඔයා ඉලක්කගත කරගන්න සමාජයේ හොඳට තෙම්පරාදු වුණු මිනිහෙක් ගෙ ඔලුව වැඩ කරන්නෙ කොහොමද කියන එක. ඒකෙ හොඳ ගැඹුරක් තියෙනවා"
-------------------------------------------------

ඉතිං මම ගැමියාව මට හැකි උපරිමෙං කරංට බලනවා.taboo කියලා තියෙන විදිහටම පොතක් ගැන බලාපොරොත්තුවත් තියෙන නිසා. ඒ නිසාම හැමෝගෙම සුළු ප්‍රතිචාරය පවා මට මහා හයියක්.
සියළු දෙනාටම ස්තුතියි.