Friday, July 8, 2011

අත්තම්ම දැං හොදටම නැහැදිලා බොලව්




(ගම් මැද්දට වෙංට තිව්න නෙලිගල ගෙදර යස ඉළංදාරි දෙංනෙක් උංනා. යස කිව්වට මොකෑ, මුං දෙංන එක විදිහක බානක්. ඒ වගෙමයි උංගෙ අප්පත් වසවර්තියා. කොල්ලො දෙංන කොරාපු මොනයං නොසංඩාල දෙයක් උනත් දැනගත්තනං හෙම උංට තඩිබානව.  ගමේ තවත් එකෙක් උංනා පුරසිද්ද කේලමෙක්. උගෙ නම නාමලා කියල හිටං. නෙළිගල ගෙදර කොල්ලො දෙංනා කොරපු අලුගුත්තේරුකමක් නාමලා, උංගෙ අප්පට කියල. උංගෙ අප්ප උංට තඩිබාලලු ඒකට. ඒ විතරක්යෑ උංට එහෙං ආයේ බත් කන එකටත් තහංචි දාළලු.


තමං කොරාපු අලුගුත්තේරුකම අප්පයෙ කණට ගියේ නාමලාගෙං විත්තිය මුං දෙංන දැනගෙන ඔංන. නාමලා හවහ වෙද්දිං ගැරැබ්බැද්දෙ කඩේට එන වග දංන හංදා මුං දෙංනා දැං ඔංන එතන රැකගෙන ඉංනවා, උගෙං වාඩුව ගංට

ඔංන බොලව් මේ වගක් නොදංන නාමලා කඩේ ළගට ආවා විතරයි අර නෙළිගල ගෙදර කොල්ලො දෙංනා භූතයා ගැහුව වගේ තඩි බාංට තියා ගත්ත නාමලාට. මේ වෙලාවේ කඩේ ළග එකම ගාල ගෝට්ටියයි. අත්තම්මත් බැරි බැරි ගාතෙංම මොකදෑ වෙංනෙ කියල හිටං බලංට මිදුලට ආවා. මේ වෙද්දිං ඉළංදාරි දෙංනගෙං බඩකට පුරා කෑව නාමලා තල්ලුවෙච්චි අත්තකම්මයේ මිදුළට. උගේ පස්සෙං වැටුන කොල්ලො දෙංනා ඌට තවත් ගුටියක් දෙකක් දීලා හිටං මෙංන මේම කිව්වා බෝම සැර පරුස විදිහට,


නාමලා ගෙරියා, ඔය වගේ ගෙරි වැඩ ආයෙවත් කරංට එපා.


අත්තම්මත් මේක බෝම අවධානෙං අහං උංනා. බලුප් ගහේ එළියෙං නාමලාගෙ තඩිස්සි වෙච්චි මූණත් දැක්ක.)


ඉතිං බොලව් ඔය කතාව ඔච්චරයි.අත්තම්මගෙ ගෙදර තියෙංනෙ ගැරැබ්බැද්දෙ කඩේට  පාතිං වෙංට. පාරෙං පල්ල. කඩේ ළග වෙන කෙරැවාවල් සේරම අත්තම්මයෙ ගෙදෙට්ටත්  ඇහෙනව. ඒ මදිවට ගේ ඉස්සරහිං තිව්න ගංසභා පාර කොංකිරිට් කොරල හංදා දැං  වාහන යංටත් ඇහැකියි ඕං. උංදැයේ ගේ ඉස්සරහ ලයිට් කණුවෙ දැං බලුප් එක‍කුත් පත්තු වෙනවා. ඒ හංදා උංදා දැං ඒකට කියංනෙ බලුප් ගහ කියල හිටං ඕං. ගැරැබ්බැද්දෙ කඩේ ළග වෙච්චි කොයි කාරිණාවත් අත්තම්මට බෝම යසට ඇහුණා.


අනේ අපිටනං ඔය අනුංගෙ දේවල් අහවල් දේකටදෑ, ඒ උනාට බං මොකදෑ ඔය සිද්ද වුනේ?’


 කියල හිට තමයි උංදැයේ කණට හොරෙං ලිස්සලා ගියපු ‍කඩේ ළග සිද්ද වුනු කොයිකක් හරි අත්තම්ම ඔය කොයිං කුඩම්මගෙං එහෙම අහගත්තෙ.


ඉතිං බොලව් ගැරැබ්බැද්දෙ කඩේ ළග නානප්පකාර දේවල් සිද්ද වෙච්චි වගත්, ඒ කෝක උනත් අත්තම්ම කොහෙං කොහොම හරි කණට දා ගත්තු වගත් බොලාට දැං පැහැදිලියි නෙව.


ඉතිං උඹලට කියංට අත්තම්මට විස්ස විද්දියාලෙක නොගිය අඩුව මකා ගංට  තරං දේවල් කඩේට පල්ලෙං උංනු හංදා අද්දියනෙ කොරංට ලැබුන කියමුකො. ඒ විතරක් යෑ කොල්ලො ඔලොක්කුවට වීසි කොරාපු කෙහෙල් පොතුයි බුලත් හපහෙමත් අත්තම්මයේ මිදුලටම වැටුන. ඒත් බොලව් උංදැ කවමදාවත් කොල්ලංට හිත රිදෙංට වචනයක් කියව්වෙ නෑ. උංදෑ ඒ හැමදාමත් බෝම බැගෑපත් විදිහටමේම කිව්ව,


අනෙ මයේ අප්පච්චිල ඔය වැඩේ ආයෙවත් කරංට එපා.


ගමේ කොල්ලො ඉදල හිටල එහෙව් අරියාදුකං  උංදැට කොරව්වා. ඒ කොයි වෙලාවෙත් උංදෑ කිව්වේ,


අනෙ මයේ අප්පච්චිල ඔය වැඩේ ආයෙවත් කරංට එපා.


හැබැයි උංදැගෙ තිව්න මේ අහිංසකකම හිංදම ගමේ කොල්ලො බෝම ලෙංගතුයි උංදැට. අත්තම්මයෙ කටෙං මේ වෙව්ලන වචන ටික අහන එක උංටත් එක අතකට පිරිත් ටිකක් ඇහුව ගානට දැනුනා.


නෙළිගල ගෙදර කොල්ලො දෙංනා නාමලාට තැලුව දවසට පස්සෙංදා ඉදං ගමේ කොල්ලො අත්තම්මව ඔලොක්කුවට ගංන එක වැඩි උනා. ඒ මොකෑ දංනවද? නෙළිගල කොල්ලො එදා කීව පදයකුත් එහෙව් වෙලාවට අත්තම්ම කියංට අරං නෙව. මුලිං උංදෑ කිව්වේ,


අනෙ මයේ අප්පච්චිල ඔය වැඩේ ආයෙවත් කරංට එපා.


කියලා නෙව. දැං උංදෑ කියංනේ, අර එවුං කියාපු පදේකුත් ඈදලා හිටං මෙංන මේම.


අනෙ මයේ අප්පච්චිල ඔය ගෙරි වැඩේ ආයෙවත් කරංට එපා.


උංදෑ හැරමිටියට බර දීගෙන කට වෙව්ල වෙව්ල අළුතෙං ගෙරි කෑල්ලත් අමුණලා ඔය පද ටික කියන එක කොල්ලංට බඩ අල්ලං හිනා යන කාරිණාවක් වෙලා.


එක දවසක් අත්තම්ම බලංට පොඩි මාමා ඒයහ ආව. ඒ අවුදිං හිටං පංසලට පූජා කොරංට හිතං ඉංන  බෝගහලියද්ද කුඹුරු කෑල්ලේ ඒ වැඩ ඉක්මං කොරමු කියලත් අත්තම්මට මතක් කොරා.


එතකොට පොඩි මාමට අත්තම්ම වෙව්ල වෙව්ල කිව්වා,


ඔව් පොඩි පුතේ නැත්තං විපස්සි හාමුදුරුවෝ අපිවත් මහ ගෙරි වැඩ කරන උං ගානට හිතයි.
කියලා.


අත්තම්ම කීව ගෙරිකතාව ඇහුණු පොඩි මාමට හොදටම ලැජ්ජා හිතිලා, කවදාවත් නැති විදිහට කෝපෙං උංදැට මේම කියපි,


ගෙරි වැඩ. අපෙ අම්ම ආයෙවත් ඔය කණට ඇහෙන හැම එකම කියවංට එපා. ඕව රස්තියාදු කොල්ලො කියන කුණු හම්බ.

ළගකදි ඉදං කොල්ලංගෙ නක්කලේ වැඩි වෙංට හේතුව හෙනං මේ වචනේ මොකක් නමුත් වැරැද්දක් වග වෙංටෑ කියල හිතිලද කොහෙද අත්තම්ම ‍ඇස් දෙකත් ලොකු කොරං පොඩි මාමා දිහා බලං උංනා.




(කතාව ඔච්චරයි බොලව්. ඒකෙ හිනා යංට තරං රසකතාවක් නෑ, නෙවෙද? ඒත් උඹලට කියංට එදා නෙළිගල ගෙදර කොල්ලො දෙංනා නාමලාට තඩිබාලා අහවර වෙලා කිව්වෙත් පස්සෙං පහු අත්තම්ම කියංට ගත්තෙත් ගෙරියා කියලා නෙවේ බොලව්.  ගෙ අකුර නෙවේ කැ අකුර ආයිබොවං.)


14 comments:

Charmi said...

අපොයි........... උන්දැත් ඉවරයි. ඊළඟට?

පුතා said...

ඔය ඇවිල්ල තියෙන්නේ කඩප්පුලි කතාවකුත් ඇන්න..

sithuwilimandiya said...

හපොයි,මදැයි කාලාන්තරේකට පස්සේ ඇවිත් කිව්ව කතාව.

විකී said...

චාර්මි, පුතා, සිම - මම අත්තම්ම කීව ජාතියේ වැඩ කරංනේ නෑ බං.

දුකා said...

හෆොයි . . මම ඒත් බැලුවා මක්කෙයි මේ ගෙරිය කොටහ කිව්හයි කිහල නාක කියලා . . .

පස්සෙන් පහු අර අගිස්සේ කොටහ කියැව්වාහම නොවැ වැඩේ මක්කයි අරුමේ කියලා තේරුනේ . . .

හිනා මචං හිනා . . අම්බානක හිනා ඕයි . .

පිණිබිඳු... said...

අන්තිමට නොවැ කතාව තේරුණේ. අම්මපා දැන් ඉන්න ආත්තම්මලත් පොඩි උන්ට හපන්. ඇහෙන ඇහෙන වචනෙ අල්ලගන්නවා.

විකී said...

දුකා,පිණිබිදු - විස්වහ කොරපල්ලා මටත් මේ කතාව තේරුං ගියේ ඹය අංතිමට පූට්ටු කොරල තියෙන කෑල්ල කියවව්වට පස්සෙං පහුනේ හැබෑටම.

අනුෂ්ක තිලකරත්න said...

uba koheda makabewila hitiye..mama hithuwa sura ekka patalewillak hadagattaya kiyala.....

විකී said...

අනුෂ්ක- සුරා එක්ක තරහා උනොත් මාත් අහවරයි බං.

Observer said...

මදැය් ඉස්ඉස්සෙලම ගැමියගෙ බ්ලොගේට ගොඩ වැදුන, ගෙරි කතාවක්නෙ අහන්න වුනේ....හෙහ්..හෙහ්...හෙහ්...(ආවේ ලියන්නගෙ බ්ලොගේ හරහා)

Observer said...

මදැය් ඉස්ඉස්සෙලම ගැමියගෙ බ්ලොගේට ගොඩ වැදුන, ගෙරි කතාවක්නෙ අහන්න වුනේ....හෙහ්..හෙහ්...හෙහ්...(ආවේ ලියන්නගෙ බ්ලොගේ හරහා)

විකී said...

Observer ට - එහෙනං බොලං උඹල තමයි මෑතදිම ගැමියා බලපු ගෙරියා.

sithuwilimandiya said...

විකියෝ,මක්කෙයි බොලාට වෙලා තියෙන්නේ,පෑනේ තීන්ත නැතුවයි.

උමා(දසුන්) said...

හිහි ෆොටෝ එකනම් මරු...පෝස්ට් එකත මරු...