කාලෙං කාලෙට ගමේ කොල්ලංගේ කටවල් අගට එක එක විදිහේ පද එනවා. තැන නොතැන බලං නැතුව එව්වා ඔහේ කියවන එක උංට මහා වීරකමක් වුනා. එව්වා මම උඹලට අමුතුවෙං කියා දෙංට ඕනේ නැ නෙව. ගහ දංන එකාට කොළ කඩා පාංට ඕනද? ආප්ප කෑව ඈයොංට ඒකේ ඇදලා පෙංනංට දෙයක් තියනවා යෑ. ඉතිං වැඩිය කරුණු කාරණා නොකියා කෙළිංම කතාව කියංනං.
ගමේ ඇතුළට වෙංට තියෙනවා තුංමංසලක්. ගමේ කොයි රස්තියාදුකාරයගෙත් නවාතැනක් ඔතන. මුං දෙගොඩහරිය වෙනකං වැඩක් ඇතා නැතා මෙතැන ලගිනවා. එක අතකට ගම මැද මුං ලගින එකත් හොදට හිටින වෙලාවලුත් තියෙනවා. ඒවා පස්සේ වෙන දවසක කියංනං.
දවසක් රාත්තිරියේ හද පායපු දවසක තෙල් සාත්තුවකට ගිය සුරා ගුරුංනාංසේ බෝම තෙහෙට්ටුවෙං ගෙදරට ගාටනවා. දැං වයසත් බෝම වැඩී නෙව. ඉතිං මේ අල්ලපනල්ලේ ගමේ ඉළංදාරි නඩේ හංදියේ රොක්වෙලා උංනා. බෝම තෙහෙට්ටුවෙං අපේ සුරා ඇත්තත් හද එළියෙම හංදිය ලගිං යද්දිං එතැන උංනු එකෙක්,
‘මාමණ්ඩි බෑරකට ගියාද?’
කියලා හිටං ඇහුවා කියමුකෝ. ඒ කතා කොරේ “දොඩංපහේ කළු බාස්”ගේ ලොකු කොල්ලා බව සුරා අදුනා ගත්තේ පේන නොපෙනෙන හද එළියෙං නෙවේ කට හඩෙං.
‘ඔව් බොලං තෙල් සාත්තුවකට ගියා; තෙහෙට්ටුයි යංඤං.’
කියලා අඩි තුන හතරක් යද්දිං සුරාට ඇහුණා එකෙක් යංතමට හීනියට අහනවා
‘මොකෑ තෙහෙට්ටු ජංගිය දාලා නෙවේද තෙල් සාත්තු කොරව්වේ’
කියලා.
මේක අර මුලිං කිව්ව වගෙ මුංගෙ කාලෙං කාලෙට කියන පදයක් නෙව. ඒ කටහඩ “වීසිංගෙදර මැද්දුංගෙ කොල්ලගේ” වග සුරා බෝම හොදට අදුරගත්තා ඕං. සුරාට මේ වචනෙ එක්ක බෝම නහුතෙට තදවුන අතීතෙකුත් තියෙනවා බොලව්. අමතකනං මෙතන ඔබපල්ලකෝ. දැං මතකනේ. සුරා කියංනේ හිතේ කුණු ඉතුරු කොරා ගංනෙ නැති මිනිහෙක් උනාට මෙංන මේ අතීතේ හිතට ආව හංදා සුරාට මේක හිතේ පැල පදියං වුනා කියල තමයි මේක මතක් කොරන ගමේ එව්වෝ කියංනේ. ඒත් සුරා කට ඉස්සර කොර ගංනේ නැතුව මේක ඇහුන නෑහුන ගානට උගුර පාදලා යංට ගියා. කොල්ලො රැළ මහ හයියෙං හිනා වෙනවත් ඇහුනා.
දැං මේක සිද්ද වෙලා පෝයෙං පෝය ගෙවුනා කියමුකෝ. දැං ඉතිං කොල්ලොංටත් මෙව්වා අමතකයි.
ඔහොම කාලේ යද්දිං වීසිංගෙදර මැද්දුංගෙ කොල්ලගේ දත් වෑ ගෙඩියක් අවුදිං කකියනවා කියලා හූ තියෙනවා. බොලාලා දංනවා නෙව සුරා ඔය වගේ ඇගේ පතේ අපාසුකංවලට තෙල් මතුරංට හෙම සූරයා කියලා හිටං. කොල්ලගේ කන්දොස්කිරියාව ඉවසංට බැරුව දැං මැද්දුවා කොල්ලව ඇදං යනවා සුරාට කියලා තෙල් සාත්තුවක් කොරා ගංට. උගෙ නඩේ උං ටිකකුත් මේ පිටිපස්සෙං යනවා ඉතිං. ආයුබොවං මෙව්වා ගං. ඒ කාලේ හංදි ගානේ ඩැංටල් කිලිනික් තිව්නේ නැහැ. තෙල් සාත්තුව තමයි ඉතිං ඔහොම තැංවලට ටක්කෙටම හරි ගියේ. දැං මේ මැද්දුංගෙ කොල්ලට ලෝකෙම අමතකයි දතේ වේදනාවට. ඉතිං මැද්දුවා සුරා ගුරුංනාංසේට බුලත් අතක් හෙම දීලා කොල්ලගේ ගාය ගැන කීවා. මේ අල්ලපනල්ලේ සුරාට පෝය කීපෙකට කලියෙං වුනු සිද්දියත් මතකෙට ආව ඕං. ඒක මුලට ගංනෙ නැතුව ගුරුංනාංසෙත් ඉතිං ගේ ඇතුළට ගොහිං ටිකකිං දෙහි ගෙඩියක් මතුරං අවුදිං; කොල්ලගේ කම්මුලේ තෙල් ටිකක් උලලා හිටං ,
‘මෙංන මේක හපාපිය හක්කෙං; ඒ කොරලා හිටං කෙල ටික ගිලපං.’
කියලා දෙහි ගෙඩිය කොල්ලට දුංනා. ඌත් ඔංන හූල්ලන ගමංම හැපුවා දෙහි ගෙඩිය හක්කෙං “ චරස් ” ගාලා. ඌට ඒක ඇඹුල් වගක්වත් දැණුනේ නෑ වේදනාවෙ දරුණු කම හංදා.
ඇස් වහක් කටවහක් නෑ බොලව් ඒක හපලා කෙළ ටික ගිල්ලා විතරයි මේකගෙ වේදනාව අතුරුදං වුනා කියපල්ලකො. මැද්දුංගෙ කොල්ල දෙයියෙක් දැක්ක ගානට දනිං වැටුනා සුරාගෙ ඉස්සරහ. මැද්දුවත් බෝම පිං දීලා දැං සුරාගෙ ගෙදරිං යංට යනවා. ඒ යන ගමං මැද්දුං කියනවා ,
‘අනේ ගුරුංනාංසේ නොහිටිංට මේකා මහ ඉස්පිරිතාලෙටම උස්සං යංට වෙනවා නෙව. ගුරුංනාංසෙට බෝම පිං අයිති වෙනවා මේ කොරන සේවෙට. උඔලා මේ වෙදකං කෝම කොරනවද කියලා අපටනං හිතා ගංටවත් බෑ ඕං.”
ඒක හැබැයි කියලා කොල්ලොත් ඔළුව වනනවා. පෝය කීපෙකට කලියෙං වුනු සිද්දියට මේකට පාඩම උගංනංට දැං ඉතිං වෙලාව හොදා කියලා හිතපු සුරා, මෙහෙම කියනවා.
‘හොදා හොදා ගොහිං වරෙල්ලා; හැබැයි....................මද්දුවාගේ එකො ................. උඹ දංනවද? මම උඹට අද වෙදකං කොරේ නං; අර එදා රාත්තිරියේ හංදියේදී උඹ දාලද අහපු එක ඇදගෙන නෙවේ බොල.
7 comments:
එල එල ..අන්න ගුරා ලා..
අන්තිමේ කොහොමින් කොහොමින් හරි සුරං ගුරුන්නාන්සේ මැද්දුවාගේ කොල්ලාගේ ජංගිය ගැලෙව්වා ඈ...
සුරා තමයි දවසකටත් ගුරා.
"සුරා කියංනේ හිතේ කුණු ඉතුරු කොරා ගංනෙ නැති මිනිහෙක් උනාට මෙංන මේ අතීතේ හිතට ආව හංදා සුරාට මේක හිතේ පැල පදියං වුනා කියල තමයි මේක මතක් කොරන ගමේ එව්වෝ කියංනේ."
හොඳ වැඩකරුවෙක් වගේ සුරා ගුරා
මං හිතන්නෙ සුරා ඔය කතාව කිව්ව එක කොල්ලට දාපු නක්කලේකට වඩා ඌට කරපු ලොකු උපකාරයක්.
ඉ/ සිම / /sl / susa - සුරා මලත් නොමැරෙන මිනිහෙක්.
පුතා/ චාර්මි - ජංගිය ගලවා නැවත නිවැරදිව ඇන්දීම.
Post a Comment