ඔංන කාණ්ඩෙම අවුරුද්ද ගෙවෙංට කලියෙං මීරුප්පේ මාමා කිව්ව පරණ කාලේ කවියක් කියවල ඉමුකො හෙනං. ඒකාලේ පැල් රැකපු තනිකඩයෙක් තමංගෙ හිත ගිය ළමිස්සිට ඇහෙංට කියාපු කවියක් කියලා හිටං තමයි මාමාණ්ඩි මේක කියව්වේ. රෑ හඳ කාලෙක තනිපංගලමේ පැලේ ඉංදැද්දිං පෙනුන දැනුන දේවල් එක්ක හිත ගිය ඇත්තී ගැන කියවුනු කවියක්ලු මේක.
තනිපංගලමේ පැල් රකින මේ හාදයගේ දෑහට පේනවා කන්ද උඩිං පායාගෙන එන හඳ. ඒ හඳ දැකලා හිටං උගෙ සිහියට එංනේ තමංගෙ හිතේ ළගින ආදරවංතිය. හැබැයි කොච්චරනං ආලවට්ටං දැම්මත් මේකි නෙවේ ඒවට ඇල්ලෙංනෙ. දැං මේ රාත්තිරියේ කොඳ මල් පිපිලා ඒ සුවදත් මේ හාදයට දැනෙනවා. පැල් රකින එකා එංනේ නිදා ගංට බලාන නෙවේ නෙව. ඌ රාත්තිරිය අවදියෙං ඉංට ඕනේ. මේ අහන දකින දේවල් එක්කං නිදාගංට උවමනාව තිබුනත් මේ හාදයට නිංද අහලටවත් ආවේ නෑ බොලව්. ඒ හිංදාම සිහියට ආව සාංකාව උංදෑ පිට කොරව්වේ මෙංන මේ විදිහටලු ආයුබොවං.
කන්දටත් උඩින් පුන් සඳ මෝදු වෙලා
මන්දටත් නොඑන සාවිය හිදී බලා
ළන්දටත් දැනේ කොඳ මල් සුවඳ ගලා
නින්දටත් ඉතිං මට දැං කොහෙද වෙලා
4 comments:
හික්...එල.
නියම කවියක්නෙ...
Superb........
//මන්දටත් නොඑන සාවිය//
Attatama niyamai...
Post a Comment