Monday, August 30, 2010

සුරා ගුරුන්නාන්සේගේ තැනට සුදුසු නුවණ



සුරා ගුරුන්නාන්සේ ගමේ හිටපු එක්තරා විදිහක අමුතුම චරිතයක්. උප්පත්තියෙන්ම තිබුණ ඇහේ පිං වපරේ ගමේ පොඩි උංට දුන්නේ මහ ගුප්ත ඉගියක්. ඉතිං ගංතුලානේ හිටපු අංකුට්ටෝ මේ බයාදුකමත් එක්කම ඉළංදාරිවෙද්දි ඒ කියන්නේ සුරා ගුරුන්නාංසේට හැට පනිද්දි මේ අලුත් ඉළංදාරි රෑන උන්දැට ඉහේ රුදාවක් වෙන්ට ගත්තා. ඒ මොකෝ මුංගේ බදු ඉඩම උනේ උන්දැගේ අක්කර දෙක. 


පේර අඹ සියඹලා මේ කෝකෙත් මලෙන් ගෙඩියක් ලොකුවුනෙම නෑ. කුරුම්බැට්ටිය පොල් ගෙඩියක් වුනෙම නෑ. උන්දැ ඒවා දකින්ටත් කලියෙන් වත්තේ සේරම මුංගේ බඩගෙඩිවල. ඒත් උංදැ නෙවේ මේවට ඉළංදාරින්ගේ මහ එවුංට පැමිණිළි කොරන්ටවත් දන්න මන්තර සාස්තරෙංවත් මේකට වැඩ ගන්ට ගියේ. උංදැගේ කාලේ ඈයෝ ඒවට යොදාගත්තේ ස්ථානෝචිත ප්‍රාව. වෙලාව එනකං ඉවසං බලාන හිටියා.

එක දවසක් කොල්ලෝ උන්දැගේ වත්තේ පොල් රුප්පා‍වක වටවෙලා. අක්කර තුන හතරක්ම ගොඩින් තියෙන අප්පෙක්ගේ පුතෙක් ගහ මුදුනේ. මෙන්න හැමෝටම පිටිපස්සෙං මතුවෙච්චි මෙච්චර වෙලා හැංගිලා ඉදපු සුරා ගුරුන්නාංසේ. ප්‍රශ්නෙකුත් අහගෙනම.


බංඩලා මොකද කොරන්නේ මගේ වත්තේ. ”


දැන් මොක කරන්නේ දීපංකෝ උත්තර. කුරුම්බා කඩන්ට තමයි ලෑස්තිය ඒක කියන්ටයැ.


ගහේ හිටපු එකා පහළට රූටන අතරෙම, රැළේ පොරක් හයිය අරන් උත්තර දුන්නා.


අපි මේ ලේන්නු අල්ලංට ආවා. ගුරුන්නාන්සේ...............


ඌත් ලොකු ඉඩං කාරයෙක්ගේ පුතෙක්.


සුරා ගුරුන්නාංසේ කොල්ලංගෙන් ඇහුවා හිතේ තිබුණ ප්‍රශ්ණයක්.


ඈ බංඩලා ...... තමුන්ලගේ වතුපිටිවල ගහකොළ අස්සෙත් ලේංනු ඉන්නවා නෙවෙද? ...................හැබෑට මගේ වත්තේ ඉන්න ලේන්නුංගේ කරේ රත්තරංවත් බැදලා තියෙනව ද? 


එදා ඉදං ඉළංදාරි වත්ත මාරුකළා.

විකී
2010.08.19

4 comments:

පිස්සා පලාමල්ල said...

අලුත් වැඩක් වගේ... දිගටම කරන් යන්න සුබ පතනවා

මාරයාගේ හෝරාව said...

ප්‍රවිශ්ටය නං හොඳයි මලේ..තව චුට්ටක් විතර හිතලා බලලා ලියන කොට ලියන එකේ නියම රසය මතු වෙන විදියට ලියන්න බලන්න.
පණ්ඩිතකං කියෙවුවා හෙම නෙවෙ ඔං..

Shadow/හේමලයා said...

best of luck....

charmi said...

වැඩේ හොඳයි. කරගෙන යමු. සුබපැතුම්.