මේ පැත්තේ, දැං කාලෙත් පරිසරයේ වැඩිවෙනසක් නැහැ. උරාගලිං පටං ගත්තම උඩුවෙල, රටේමුල්ල, ඇතුල්ගම, නැහිනිවෙල, හිප්පල, බටගල්ල, සගම, නුගලියද්ද ගොඩමුන්න, මැදගම, කපුලියද්ද ආයෙත් කිවුල්ළිදේ ඉදං කන්දේවෙල, තලාව, මීරුප්ප, පස්ගම,හේවාවිස්ස, , ඹලුවාවත්ත, දෙහල්කඩ, හගුරංකෙත එක දිගටම කුඹුරු යාය ඕං.
ඒ උනාට ඉස්සර; මේ කොයි යායෙත් අස්වද්දන කාලෙට මේ කාලෙට වඩා සිරියාවයි. හැම දේම පටං ගත්තෙත්; අහවර උනෙත්; කලාවෙං. කවිය තමයි ආයුබොවං අවිය වෙලා තිවුනේ, කොයි වැඩෙත් දුකත් සතුටත් හෑල්ලු කොරාගංට. මගේ මාමංඩිගේ ගං පළාත මීරුප්ප. උන්දැට හැමෝම කිව්වේ මීරුප්පේ මාමා. ඒ කාලේ කවිය ගැන මීරුප්පෙ මාමට බෝම මතකයක් තිබ්බා. උන්දැ මතක් කොරලා කීව කවි හැමෝටම කියවංට බොලොග් එකට ගේංට හිතුනා. ඉතිං ඕං කවියේ නිධාන කතාවත් එක්කම ඒ කවි කියවමු.
ආයුබොවං මේක දාන ලේබල් එක (label) මීරුප්පේ මාමාගේ ජනකවි අද ඉදං කියවංට පුළුවං ඕං.
No comments:
Post a Comment