Thursday, September 16, 2010

මොකක්ද හැබෑටම මේ වචනේ තේරුම


මොකක්ද හැබෑටම මේ පිඩිය කියන්නේ. මමනං ආයුබොවංට සුරා ගැන කතාවෙදි මේ පදේ කිව්වේ  ගැමියො වහරන නරකම පදයක් විදිහටයි. මේ වචනේ මට ඇහිලා තියෙනවා ගමේ බොහෝම පාත (ග්‍රාම්‍ය) වචනයක් විදිහට ඕං. ඒ අර්තෙං තමයි සුරත් මේක  පිටකොලේ උගෙ කටිං මුදලාලිට විතරක් ඇහෙංට.

මේක ගැන තවත් හොයංට ඕන හිංදා මම අද පෙරළලා බැලුවා ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග සම්පාදනය කරාපු ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය. වචනයක් ගැන කුකුසක් ආවහම සුමංගල ශබ්දකෝෂයෙං හරි සිංහල ශබ්දකෝෂයෙං හරි හොයාගන්ට පුළුවංද කියලා බලන එක මගෙ සිරිත. කාට නමුත් හැබෑවටම සිංහල බසේ වහරන  වචනයක් තේරුං බේරු කොරාගංට ඕනනං ලේසියෙංම  ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයත් ඕං දැං තියෙනවා වහල් කොරාගංට පුළුවං. ඉතිං ඕං ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය පරිශීලනය කොරාම පහත තැං ටික ඇහැ ගැටුනා. පිඩිය කියන එක සුරා කිව්වේ මොන අර්තෙංද කියන එක කාට කාටත් පැහැදිලි වෙයි මේ උපුටා ගැනීම් ටික බැලුවම.

-------------------------------------------------------------------------------
පිඩි නාප්‍ර 1 තට්ටම, පිඩුව, ගුළිය 2. ස්ත්‍රී නිමිත්ත 3. ආහාරය 4. පංගුව, කොටස (1114 පිටුව)
යෝනි/ යෝනිය නාප්‍ර 1. දිය, ජලය, වතුර  2. ස්ත්‍රී නිමිත්ත ......... (1450 පිටුව)

ස්ත්‍රී ලිඟු  1. ස්ත්‍රී නිමිත්ත................. (1951 පිටුව)

-------------------------------------------------------------------------------
මෙම වචනය සමාජ භාවිතාවේ යෙදෙන අවස්ථා කීපයක් බලමු.

ඕං යනව පිඩි කංට  යම් තැනක තිබෙන  ආහාර  නැතිනම් පිඩුව කෑමට යාම. එයින් යම් ස්ථානයක  අනවශ්‍ය ගැවසීමක් අදහස් කරයි.

යනවා පිඩිය ලෙවකංට යම් ස්ථානයකට අනවශ්‍ය කාර්යයකට යාම නැතිනම් යම් අයෙක් සමග පවත්වන හිතවංතකම අනවශ්‍ය ගණුදෙණුවක් බව ඇගවීම  අන්‍යයන් විසින් පවසන ආකාරයකි. මෙහිදී අදාළ වචනය ස්ත්‍රී නිමිත්ත යන අදහසෙන් ඉදිරිපත් කරයි.
------------------------------------------------------------------------------

මේවා ඉතිං කුණුහරුප නෙවෙයි. අපේ භාෂාවේ බෝම ප්‍රාණවත් වචන. මොකද ආයිබොවං එහෙම කියංනේ. අවස්ථා කීයකටනං වහල් කොරාගංට පුළුවංද මෙහෙව් වචන.

6 comments:

Anonymous said...

ඉස්සෙල්ලා කතාව කියවනකොට මට හිතුනා ඕක වෙන්න ඕනි කියලා.. ඒත් හරියට දැනං හිටියෙ නෑ.. ස්තූතියි පැහැදිලි කොරලා දුන්නට

charmi said...

මොකක් හරි කෙටිකතාවකත් 'පිඩිගැටේ' කියල ඕක යොදල තිබුනා.
අවාසනාවට කෙටිකතාව මතක නෑ.

තිස්ස දොඩන්ගොඩ said...

මේක නුවර පැත්තේ පාවිච්චි වෙන වචනයක්...
මේක සම්මත "කුණුහරුපයක්" විදිහට ගණන් ගැනෙන්නෙත් නෑ මයේ හිතේ...
අපේ දුරින් මාමා වෙන කෙනෙක් හිටියා නුවර පලාතේ... මෑන් ඉස්සර විහිලුවට අහනවා වට පිට බලලා
" හා පුතේ කියපන් පුලුවන් නම් - පිම්මට අඩි - කීයද " කියලා...
පස්සේ තමා කතන්දරේ දැන ගත්තේ....

priyantha said...

@ charmi - හරිය කන්න ගිය රටේ. වලහ කාපි පිඩි ගැටේ. කියලයි තියෙන්න ඇත්තේ. මේවා ගම්වල තවම භාවිතා කරන වචන.

ඉලංදාරියා said...

පට්ට ඔප්ස්ට් එක

SL said...

According to "Udumbara Gira" written by Sena Thoradeniya, pidiya means Butt-Cheek (Thattama). He explained it nicely why a man was given the nickname "Thun-Pidiya", meaning three-butt-cheeked person.