Friday, September 10, 2010

වචනයක්.........................

සුරා ගුරුන්නාංසෙගේ කතා ටික පටං ගත්තේ උන්දැගේ වැඩිහිටි කාලේ හරබර කතා ටිකකිං ඕං. සුරාගේ ඉළංදාරි කාලේ කතා කියවද්දී සමහර හිතවතුංට හිතෙංට පුළුවං ‘සුරා ඇණ ගන්නවා‍ නේද ජාතියට’ කියලා. තවත් කෙනෙකුට හි‍තෙංට පුලුවං එයාලට සුරා වීරයෙක් වෙලා හිටයනං හෙම ‘අපේ වීරයා මැරෙනවා නේද’ කියලා.

කොහොම වුනත් වචනයක් කියංට ඕනේ. වැඩිහිටි ගැමියෙක් කියංනේ තැලුණ පොඩිවුන මිනිහෙකුට. එයාලා හරියට මෝල් ගස් වගෙයි. ඕනම දේකට ඔට්ටුයි. එහෙම වැඩිහිටියො ගහන්නේ අතිං පයිං හෙම නෙවෙයි. වචනවලිං ආයිබොවං. සුරා චරිතයෙං අපි පෙංනංට ලක ලෑස්ති වුනේ ගැමියංගේ මෙන්න මේ ගුණාංගේ. බෞද්ධ පිංවතුං දන්නව නෙව හිත, කය, වචනය කියන තුංදොර  සංවර කර ගන්ට ඕනේ කියන කාරණය. අපේ ගැමියො වචනය සංවර කරගන්නවා කියන කාරණ‍යෙං එහාට ගිහිං වචනය කළමනාකරණය කරගත්තයි කියලයි මටනම් හිතෙංනෙ. උන්දලා අතිං පයිං නොගහා විරුද්ධවාදියාට ගැහුවා නැත්තං උපදෙස් දුංනා සදාකාලිකව මතක හිටිංටම වචනයෙං.

සුරාල අයිති මෙන්න මේ පරංපරාවට. ඒ වගේ මිනිස්සු ගොඩ නැගුන හැටි තමයි සුරාගේ ඉළංදාරි කාලෙදි පෙංනංනේ. සුරාගේ අවසාන කාලේ වෙද්දී සුරා ගුරුංනාන්සේව උපහාසෙට ගන්න පිරිසක් ඇතිවෙනවා. උන්දෑ ඒවට උත්තර දෙංනේ වෙනම විදිහකටයි. ඕං ඒවයෙං කීපයක් කියවංට ලැබෙයි ඉස්සරහට. සුරා චරිතේ පොත් පිංචකට කැටි කරංට හිතේ තියෙන හීනේ හැබෑවෙන දවසක තවත් කතා ගොඩක් කියවංට ලැබෙයි .ඕං එතකං මේ කතා ටික කියවලා ප්‍රතිචාරෙකුත් දුන්නනං හෙම බෝම අගෙයි ආයිබොවං.

2 comments:

පුතා said...

උඹ ලියන විදිහට... ගමෙ වචනවලට... මාරම මෙව්වා එකක් දැනෙනවා... ආහ්... පොතක් කරන්ට තියෙන හීනේ හැබෑ වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා ඕං....

sameerausa said...

මගේ සුබ පැතුම් සහෝදරයා.. බ්ලොග් පෝස්ට් ටික ලියාගෙන ගියානම්, ඒවා ටික එකතුකරලා පොතක් ගහන්න තිබ්බා නිකම්ම.